‘රටේ පාලකයන් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නෑ‘ – මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිගෙන් සැර ප්‍රකාශයක්

‘රටේ පාලකයන් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නෑ‘ – මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිගෙන් සැර ප්‍රකාශයක්

  • October 31, 2022
  • No Comment
  • 40

වර්තමානයේ රටේ පාලකයන් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම මේ වන විට ශ්‍රී ලංකාව දුප්පත් රාජ්‍යයක් බවට ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව ද උන්වහන්සේ කියා සිටියේය.

අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව සඳහන් කළේය.

“අපි දන්නවා ඒ කාලයේ මේක සංවර්ධනය වෙමින් පවතින රටක්. දැන් 75 වෙනි අභිමානය සමරන්න යනවනේ. හැබැයි 75 වෙනි අභිමානය සමරන්න යන්නේ දුප්පත් රටක් විදිහට. හිඟාකකා රට කරවනවා. හිඟා කාලා රට කරනවාට වඩා, ඒ වගේම වයසට ගියපු ඇත්තෝනේ ඕකේ ඉන්නේ. දැන් රජයේ සේවකයින්ට යන්න කියනවා අවුරුදු 60න්. අපි කියනවා උබලත් පලයල්ලා. එතනින් පස්සේ අය එන්න එපා. ඒවගේම මැතිවරණ කොමසාරිස්වරයාට කියනවා ඊළඟ මැතිවරණය එනවානේ, ඔය ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු කියලා. ඒ මැතිවරණ ආවට මේ කිසි කෙනෙක් ඡන්දය දෙන්නේ නැහැ. ඒ වගේම ඉල්ලීමක් කරනවා ජනතාවගෙන්, පින්සිද්ධ වෙයි, මේ වළට වැටුනේ අපි විහින්මයි. ඔය දේශපාලඥයෝ කොයි පක්ෂයෙන් ආවත් ඡන්දය දෙන්න යන්නත් එපා. රැස්වීමකට යන්නත් එපා. පුජනීය මහ සංඝරත්නයටත් කියනවා කවුරුවත් දේශපාලඥයෝ ළඟට යන්න එපා. දේශපලඥයන්ගේ පක්ෂ පාට අපිට වැඩක් නැහැ. ලංකාවේ ජනතාව ගැන හිතන්න. ඒ වගේම ඡන්ද කොමසාරිස්වරයාට කියනවා මීළඟ මැතිවරණයන් එනකොට අපි ඡන්දය කටුගානවා. මොකද අපි එක පක්ෂයටවත් දෙන්නේ නැහැනේ.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *