සියලු පාර්ලිමේන්තු කමිටු පත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

සියලු පාර්ලිමේන්තු කමිටු පත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

  • November 4, 2022
  • No Comment
  • 51

ආංශික කාරක සභාවලට තරුණ නියෝජනය කෝ…?
රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා කාරක සභා තවම නෑ…
පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17 ට සභාපතිවරුන් පත් කර නැහැ….

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකළේය.

ජනාධිපතිවරයා විසින් ඊයේ (03දා) සිදුකර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන් සඳහන් කර තිබෙන්නේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවයි.

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර වන බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව (Committee on Banking and Financial Services) ආර්ථිකය ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව (Committee on Economic Stabilization) සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව (Committee on Ways and Means) යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා වුවත් එය මෙතෙක් සිදුව නැති බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට පෙන්වා දී තිබේ.

එසේම ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් පස්දෙනකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අය වැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නැත. පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරුන් පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම සිදුව නැති බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ලබන වසරේ අය වැය ක්‍රියාත්මක වන විට මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවත් එමඟින් රජය අපේක්ෂා කරන පද්ධතිමය වෙනස (System Change) ඉතා ඉක්මනින් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරයි.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලය සඳහා වූ නීති කෙටුම්පත ද මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඒ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර නීතිපති සහතික කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත. ජනාධිපතිවරයා මේ කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද කථානායකවරයාට දැනුම් දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *