යාලේ අයාලේ ගිය 9කට ඇප

යාලේ අයාලේ ගිය 9කට ඇප

  • October 27, 2022
  • No Comment
  • 34

පසුගිය 22 වැනිදා යාල ජාතික වනෝiානයේ සංවේදී කලාපයකදී නීති විරෝධී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනකු රුපියල් ලක්‍ෂ 5  බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා ඊයේ (26දා) නියෝග කළේය.

එම සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැඩි විරුද්ධත්වය දැක්වූ නමුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජනක මොහොට්ටි මහතා දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

එම සැකකරුවන් 9 දෙනා ජීප් රථ හතක් සමඟ පෙරේදා (25දා) යාල ජාතික වනෝiාන නිලධාරීන්ට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. ජීප් රථ 7 ද ඊයේ (26දා) අධිකරණයට භාරදීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබිණි. එම නඩුව ලබන දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට නියමිතය.

එලෙස නීතිවිරෝධී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ හස්මිඩ්න් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස් මොහොමඩ් සුඛීර්, බුද්ධික චතුරංග, අබ්දුල් රකීබ් මොහොමඩ්, පී. ජී. එස්. අන්ජුල, ආර්. එම්. සම්පත්, ඩී. එම්. මයුර ලක්‍ෂාන්, ධනුෂ්ක ප්‍රසාද් වරුණගම, සුරේෂ් චතුරංග යන සැකකරුවෝ ඇප ලැබූහ.

තිස්සමහාරාමය – අමිල සම්පත් ශ්‍රී

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *