යාපනය දිස්ත්‍රික්කයේ පමණක් වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් හදුනාගැනේ..

යාපනය දිස්ත්‍රික්කයේ පමණක් වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් හදුනාගැනේ..

  • September 22, 2022
  • No Comment
  • 40

යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අද දින පෙරවරුවේ උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් වනජීවි අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එම අවස්ථාවට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දැනට වනසංරක්ෂණ කළාපවලට අයත් එහෙත් මින් පෙර ගොවීන් විසින් වගා කළ ඉඩම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සළකා බලමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.

වනසංරක්ෂණ සීමාවලින් පිටත ඇති මෙම ඉඩම් කන්න කිහිපයක් වගා නොකරන ලද ඒවා වන අතර එම ඉඩම්වල කිසිදු ගොඩනැගිල්ලක් හෝ වෙනත් ඉදි කිරීමක් නොකර වගාව සඳහා ලබා දීමේ පදනම යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පමණක් එසේ හඳුනාගන්නා ලද ඉඩම් හෙක්ටෙයාර් 3054ක් තිබේ.

මේ හැර වනසංරක්ෂණ සීමා ආසන්නයේ තිබෙන එහෙත් කිසිදු ගසකට හානියක් නොවන අයුරින් මුංඇට, කව්පි, හා උඳු වැනි බෝගවර්ග වගා කිරීම සඳහා ද සුදුසු ඉඩම් හඳුනාගෙන ඒවා ද වගාව සඳහා ගොවි ජනතාවට ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එළඹෙන මහ කන්නයේ දී පළමුවෙන්ම යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් යාපනය දිස්ත්‍රික්කයට ලබා දුන් බව කී අමාත්‍යවරයා මහ කන්නය අස්වනු සාර්ථක කර ගැනීම සඳහා උතුරේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කළේය.

අපි මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර රුපියල් 10,000ක මුදලකට ලබා දෙනවා. එමෙන්ම තමන් කැමැති කාබනික පොහොරක් මිල දී ගැනීමට රුපියල් 20,000ක සහනාධාර මුදලක් ලබා දෙනවා.  මියුරේට් ඔෆ් පොටෑෂ් නැතහොත් බණ්ඩි පොහොරත් මෙවර ලබා දෙනවා.

ඒ මෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන යුරියා පොහොර හොණ්ඩර 375,000ක් නොමිලයේ ම ගොවි පවුල් 375,000කට ලබා දෙනවා. ඒ නිසා මහකන්නය සාර්ථක කර ගැනීමට අපිට සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *