මෙවර අයවැයෙන් පියවර තැබුවේ පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි – ජනපති

මෙවර අයවැයෙන් පියවර තැබුවේ පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි – ජනපති

  • November 19, 2022
  • No Comment
  • 47

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, මෙවර අයවැය මගින් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වව්නියාව නගර ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ඉන් හැකියාවක් පවතින බවයි.

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08 ක් පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ,  අද (19)  පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

උතුරු පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා ගැනුණේ ය.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේ ය.

උතුරු පළාතේ පවතින මෙතෙක් විසඳුම් නොලැබුනු ගැටලුවලට සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡාකර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට මෙතෙක් ඉඩම් ලබා නොදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේ ය.

එම ගැටලුව මාස 03 ක් ඇතුළත විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා, වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

ඒ පිළිබඳව අධිකරණ සහ ඉඩම් අමාත්‍යාංශවලින් කරණු විමසීමට ද නියමිතයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද එහිදී අවධානය යොමු කෙරුණේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *