මෙරට කර්මාන්තකරුවන්ට බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක්

මෙරට කර්මාන්තකරුවන්ට බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක්

  • October 10, 2022
  • No Comment
  • 52

බලශක්ති ඇමති එකඟතත්වයකට

මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකඟතාවය පළකර තිබේ.

අද (10) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය.

විදුලි මිල සංශෝධනය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ මුහුණ පා ඇති මූල්‍යමය අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

දෛනික විදුලි කප්පාදුව, විදුලි මිල සංශෝධනය සහ ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් එම සාකච්ඡාවට එක්වූ කර්මාන්තකරුවන් බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේය.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *