මිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ 3 දෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ වෙඩි තැබීමට සම්බන්ධ 3 දෙනෙකු අත්අඩංගුවට

  • October 6, 2022
  • No Comment
  • 33

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. මහත් පරිශ්‍රමයක් දරා මෙම ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

මිනුවන්ගොඩ ගමන්ගෙදර  ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම ඝාතන සිදුව තිබුණා. සැකකරුවන් මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ මෙම ඝාතන සිදුකර ඇති බවට විශ්වාස කෙරෙනවා. ඔවුන් දැනට මාස කිහිපයකට පෙර බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අය බවයි පොලිසිය පවසන්නේ.

එලෙස බන්ධනාගාරගතව තිබෙන්නේ ද මනුෂ්‍ය ඝාතනයකට අදාළවයි. දිගු කලක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසනවා. ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙසේ ඝාතනයට ලක්ව ඇති පියාගේ වයස අවුරුදු 51 ක්. පුතුන් දෙදෙනා විසිතුන් හැවිරිදි සහ 24 හැවිරිදි වියේ පසුවූවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *