මැයි 09 විමර්ශන හමුවේ රාජ්‍යසේවා කොමිසමත් දේශබන්දු ලඟ දණ ගහයි

මැයි 09 විමර්ශන හමුවේ රාජ්‍යසේවා කොමිසමත් දේශබන්දු ලඟ දණ ගහයි

  • October 30, 2022
  • No Comment
  • 47
මැයි 09 අපරාධය මුල් කරගෙන සිදුවන විමර්ශන ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ස්ථාන ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පොලිස්පතිවරයා විසින් සිදුකරන ලද නිර්දේශය සඳහා අද වනතුරුත් ප්‍රතිචාරයක් නැතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

අද වනතුරුත් අඩුම තරමින් ඒ පිළිබඳ කරුණු විමසීමක් හෝ කොමිසම පොලිස්පතිවරයාගෙන් සිදු නොකිරීම විශාල ගැටලුවක් බව ද  එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධව පොලිස්පතිත්, නීතිපතිවරයාත්,  නිර්දේශ කර තිබුණු අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඒ පිළිබඳව කරුණු විමසා තිබිණි.

අනතුරුව ඔහු සම්බන්ධව විශේෂ විමර්ශනයක් පොලිස්පතිවරයාගේ අධීක්ණය යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන්නට සැලසුම් විය. එහෙත් පොලිස්පතිවරයාගේ උත්සාහය නිරර්ථක වී ඇත.

පොලිස් නිළධාරියෙක් සම්බන්ධව විමර්ශනයක්  කිරීමේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහිත කමිටුවකින් අතින් එය සිදුවන නමුත්  අදාල විමර්ශනය  ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  සමන් දිසානායකට පවරා තිබීම  ද පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ බරපතල විසංවාදයක් ඇති කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *