මහින්දට නාවලපිටිය ජනතාවගෙන් විරෝධය  – 10ක් අත්අඩංගුවට…

මහින්දට නාවලපිටිය ජනතාවගෙන් විරෝධය – 10ක් අත්අඩංගුවට…

  • October 16, 2022
  • No Comment
  • 21

නාවලිටියේ දැවැන්ත උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) ආරම්භ වුණි.

ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සම්බන්ධීකරණයෙන් මෙම රැලිය පැවැත්වෙනවා.

මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

මේ අතර නාවලපිටියේ දී විරෝධතාවක් ද පැවැත්වෙන බව අප වාර්තාකරු සදහන් කළේය. එම නිසා නාවලපිටිය නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තාවෙන්නේ.

ජීවන වියදම ඉහළ යාම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (ඔක්. 16) දින උද්ඝෝෂණයක් සිදු කිරීමට උත්සහ කළ නාවලපිටිය ආසනයේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු එම පක්ෂයේ සාමාජකයින් දස දෙනෙකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම පිරිස උද්ඝෝෂණ කිරීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරීම සඳහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුව ද එය නොතකා එම පිරිස උද්ඝෝෂණ කිරීමට නගරයට පිවිසීමට උත්සහ කිරිමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැසවීම හිටපු ජනාධිපති සහ අගමැති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අද දින පැවැත් වු අතර එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ ඇත.

දෙපිරිස අතර ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුළට පිවිසීමට හෝ උද්ඝෝෂණ කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කළ බව අප වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලපිටිය නගරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්වීමට තිබු උද්ඝෝෂණ හේතුවෙන් අමතර පොලිස් කණ්ඩායම් සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැඳවා ආරක්ෂාව තර කර තිබේ.

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *