මහින්දට එරෙහි තවත් නඩුවක් විභාගයට අභියාචනාධිකරණය තීරණය කරයි

මහින්දට එරෙහි තවත් නඩුවක් විභාගයට අභියාචනාධිකරණය තීරණය කරයි

  • November 9, 2022
  • No Comment
  • 45

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව නිකුත් කළ නියෝග මාලාවක් බලරහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.එය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළා.

ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජනවාරි 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු නාගරික හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා වත්මන් නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පිරිසනට නොතීසි නිකුත කෙරුණා.

ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. මහින්ද රාජපක්ෂ මහතා 2021 වසරේ ජුලි 8 වනදා නාගරික සංවර්ධන හා ඉදිකිරීම් කටයුතුවලට අදාළ නියෝග මාලාවක් නිකුත් කළ බව අදාළ පෙත්සමේ සඳහන්.

ඉන් මහජනතාවට අගතියක් සිදු වන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙවැනි නියෝග නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බලයක් නොමැති බවද අදාළ පෙත්සමෙන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *