මනෝ උපදේශන ප්‍රතිකාර ගැනීම සඳහා සිසුන්ගේ සංඛ්‍යාව ඉහළට…!

මනෝ උපදේශන ප්‍රතිකාර ගැනීම සඳහා සිසුන්ගේ සංඛ්‍යාව ඉහළට…!

  • November 7, 2022
  • No Comment
  • 61

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත නව මනෝ උපදේශන සේවා ඒකකයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුවන සිසුන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු මට්ටමින් ඉහළගොස් තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ මාස තුනකට ආසන්න කාලයක් තුළ සිසුන් 200 ඉක්මවූ සංඛ්‍යාවක් එම ඒකකයෙන් මානසික උපදේශන සේවා ලබාගෙන ඇති බවය.

ඉන් සිසු සිසුවියන්ගෙන් යම් පිරිසක් හදිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමක සිටින අතර ඔවුන් ප්‍රතිකාර සදහා පේරාදේණිය ශික්ෂණ රෝහලට යොමුකර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුද, අධ්‍යාපනික ගැටලු ඇතුළු කරුණු රාශියක් හේතුවෙන් සිසුන් පීඩාකාරි මානසික තත්වයන්ට ගොදුරු වීමේ තත්වයක් මෙමඟින් නිරික්ෂණය වී ඇති බවය.

මේ අතර එම විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් සහ අසභ්‍ය විඩියෝ හුවමාරු කරමින් සිදුකර ඇතැයි පැවසෙන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයන් කඩිනමින් සිදුකරන බවද මහාචාර්යය ටෙරන්ස් මධුජිත් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *