බැසිල්ගේ ගෝලයා අමරසිංහ ඉවතට !  ජනපතිගෙන් පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් !

බැසිල්ගේ ගෝලයා අමරසිංහ ඉවතට ! ජනපතිගෙන් පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් !

  • October 21, 2022
  • No Comment
  • 36

බැසිල් රාජපක්ෂගේ ගෝලයෙක් වු සිරිපාල අමරසිංහ ඉවත්කර මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කටයුතු කර ඇත. ඒ අනුව පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස් පතිරගේ මහතා පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම නව පත්කිරීම සිදු කෙරුණේ එතෙක් සභාපති ලෙස කටයුතු කළ සිරිපාල අමරසිංහ ට නකල්ස් වන රක්ෂිත ස්වාරක්ෂිත කලාපය තුළ අනවසර හෝටලයක් ඉදි කර ඇති බවට චෝදනා එල්ල වී දින කිහියකට පසුවය. නකල්ස් රක්ෂිතය මායිමේ රත්කිඳ ඇල්ල ආසන්නයේ ඔහු සහ ඔහුගේ පුතා විසින් අනවසරයෙන් හෝටලයක් ඉදිකොට ඇති බවත් එමඟින් පුරාවිද්‍යාත්මක  වශයෙන් වැදගත් ස්ථානයකට සහ පරිසරයට හානි වී ඇති බවට චෝචනා එල්ල වී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ඔහු එම පක්ෂයෙන් ඉවත්කිරීමෙන් පසු දිගු කලක් බැසිල් රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු ලෙස රජයේ විවිධ තනතුරු දරමින් කටයුතු කළේය.

නව සභාපති පතිරගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා උපාධිධරයකු වන අතර ඔහු කලක් ඩොක්යාඩ් සමාගමේ ප්‍රධාන පාරිසරික නිලධාරියා ලෙසින් ද කටයුතු කළේය.

ColomboXnews

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *