බස්නාහිර ගරාජ් ලියාපදිංචි කරයි
- October 11, 2022
- No Comment
- 34
බස්නාහිර පළාත තුළ ත්රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් අවම කිරීමේ අරමුණින් ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2,863 ක් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව පොලිසිය පැවසීය.
බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ආවරණය වන පරිදි ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2863 ක හිමිකරුවන් 2000 කට අධික පිරිසක් මේ වන විට දැනුවත් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කීය.