බදු පනත් සියල්ල සංශෝධනයට – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

බදු පනත් සියල්ල සංශෝධනයට – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

  • September 22, 2022
  • No Comment
  • 29

බදු ගැන අලුත්ම කතාව

එළඹෙන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“අපේ රටේ බදු ආදායම වැඩිකර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8ක තරම් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ළඟ රුපියලුත් නෑ අපි ළඟ ඩොලරුත් නෑ. අපිට වැටුප් ගෙවන්නත් අමාරුයි ඉතින් අපි මේක වළක්වා ගන්න නම් අපේ බදු ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 15ක් වත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි එතැනදී විශේෂයෙන්ම අපේ සෘජු බදු ප්‍රමාණය වැඩිකරගතයුතුයි සංයුතියක් හැටියට අපි ඉන්නේ සියයට 20යි සෘජු බදු වක්‍ර බදු සියයට 80ක්.”

“බදු පනත් ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා ලොකු වෙනසකට එන්න යනවා ලබන මාසයේ ඉඳන්. බොහොම ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයා බලලා ජනතා මනස නිරවුල් කරලා ඒ ගෙවීම් අවශ්‍ය පරිදි අයකරගෙන තමයි අපි ජනතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වන්නේ මේ රට වෙනුවෙන් අපිත් බදු ගෙවන්නෙක් වෙමු කියලා. ඉතින් ඒකෙ කිසිම ගැටලුවක් නෑ,”

“දැන් උදාහරණයක් විදියට අපි නිතරම කතාවෙන එකක් සීනි බදු වංචාව, තීරුබදු ශත 25ට අඩුකිරීම නිසා ඇතිවූ තත්ත්වයක්, හැබැයි දැන් අපිට තීරු බද්ද ආපසු ගන්න බෑ. ප්‍රතිපත්ති සම්පාදකයන් නීතියට ගේන්න තියෙන ක්‍රමවේදත් අඩුයි. හැබැයි අපිට එක දෙයක් තියෙනවා කරන්න, අපි කියනවා අශ්වයා ඉස්තාලය හැර පැනලා ගිහින් කියලා, හැබැයි අවශ්‍ය නම් අශ්වයා මැදදී අල්ලාගන්න තොණ්ඩුවක් දාන්න පුළුවන් තැනුත් තියෙනවා. ඔය කියන ආයතනය අසාමාන්‍ය අසාධාරණ ලාභයක් ලැබුවා නම්, අපි කියමු බිලියන 13ක් රජයේ මුදල් අහිමි වුනා කියලා. ඒ මුදල ආදායම් බද්දක් විදියට අපිට අයවෙලා තියෙනවා ද කියන එක ගැන මම වාර්තාවක් ඉල්ලුවා, ඔවුන් ආදායම් බදු හරියට ගෙවලා තියෙනවා ද කියලා. ඒවගේම හැමවිටම ජනතාවට අපි බදු ගැන කතාකරන්නේ එවැනි සිද්ධීන් සියල්ල සමනය කරමින්.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *