පොහොට්ටුවේ විශාල පිරිසක් ආපසු ශ්‍රීලනිපයට එන්න සූදානමින් ඉන්නවා – දුමින්ද

පොහොට්ටුවේ විශාල පිරිසක් ආපසු ශ්‍රීලනිපයට එන්න සූදානමින් ඉන්නවා – දුමින්ද

  • October 31, 2022
  • No Comment
  • 37

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

“පක්ෂයේ මත දෙකක් තියෙනවා. අපි හැමෝටම කතාබහ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිච්ච පිරිසක් තමයි දැන් පොහොට්ටුවට ගිහිල්ලා ඉන්නෙ. අද මං හිතන්නෙ පොහොට්ටුවේ විශාල පිරිසක් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මං හිතන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් තියෙන මතවාද දෙකත් අපට එකතු කරගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. මොකද අපට කලින් ඉඳලා ගියපු එක්කෙනාට වඩා ළඟ ඉඳලා ගියපු එක්කෙනා හොඳ නැති වෙන්නත් බැහැනෙ”

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *