පොලීසියෙන් වෙඩි වැදුණු මාතර සිසුවා ICU: සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

පොලීසියෙන් වෙඩි වැදුණු මාතර සිසුවා ICU: සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

  • October 29, 2022
  • No Comment
  • 37

මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, අදාළ සිසුවා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ද යොමු කළ බවය.

තිහගොඩ ප්‍රදේශයේදී ඊයේ (28) පස්වරුවේ වෙඩි වැදීමකින්  15 හැවිරිදි සිසුවෙකු තුවාල ලබුවේ ය.

පොලිසීය පැවසුවේ, පොලිස් නිලධාරීයෙකු සමග පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් සිසුවා තුවාල ලබා ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් ද කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *