පොදු පෙරමුණෙන් ජනාධිපතිට බලපෑම්..

පොදු පෙරමුණෙන් ජනාධිපතිට බලපෑම්..

  • September 10, 2022
  • No Comment
  • 36

බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලිස්ට්‍රස් සිය පළමු රාජකාරිය කර ගත්තේ ඇගේ කැබිනෙට්ටුවපත් කර ගැනීමය. ඒ සඳහා ඇය ඇමැතිවරු විසි දෙකක් තොරා ගත්තාය. බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කරන ශ්‍රී ලංකාව මේ වන විට කැබිනට් ඇමැතිවරු දහඅටක් පත් කර අවසන්ය. තවත් ඇමැතිධුර විස්සක් ඉදිරියේදී පත් කරන බව සඳහන්ය. එසේ බලන විට ඇමැති ගණන 38 කි. ඇමැතිවරු තිස්පහක් දිවුරුම් දුන්හ. ඒ නව ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයකු යටතේය.

ආයි ඇමැතිලා නැතිලු

‘‘මේ අවුරුද්දට ආයෙ ඇමැතිවරු පත් කරන්නේ නැහැ.’’ ජනාධිපතිවරයා නව රාජ්‍ය ඇමැතිවරු පත් කිරීමෙන් පසු කීවේය.

රාජ්‍ය ඇමැතිවරු පත් කර ගැනීමට දැඩි ලෙස වෙහෙසුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. හිටපු රාජ්‍ය ඇමැතිවරු තිස්හතර දෙනාගෙන් බහුතරය රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් දෙන ලෙස ඉල්ලා පොහොට්ටුවේ නායකයන්ට බලපෑම් කරන්නට වූහ. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස වූයේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රාජ්‍ය ඇමැතිවරු පත් කිරීමටය. එම යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු නායකයන් විරුද්ධ විය. ‘‘දැන්ම පත් කරන්න ඕනි.’’ එම පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරන්නට වූහ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු තිස්හයක ලේඛනයක් ජනාධිපතිවරයාට යොමු කර තිබුණි.

ජනපතිට රතු එළියක්

දිගින් දිගටම රාජ්‍ය ඇමැති ධුර දීම ප්‍රමාද වීම නිසා නාමල් රාජපක්ෂලා, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි මන්ත්‍රීවරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකද හමු වී සාකච්ඡා කළහ. ‘‘රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් දෙන්න. නැතිනම් අපිට තීරණයක් ගන්න වෙනවා.’’ මන්ත්‍රීවරු ජනපතිට රතු එළි දැල්වූහ.

මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතරද මෙම සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විණි. ඒ සාකච්ඡාවට ලොහාන් රත්වත්තෙ හා සනත් නිශාන්ත පෙරේරා යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ. මාතෘකාව රාජ්‍ය ඇමැතිවරු පත් කිරීමය. ‘‘රාජ්‍ය ඇමැතිවරු පත් කරන්නම්’’ ජනාධිපතිවරයා පොරොන්දු වූයේය. රාජ්‍ය ඇමැතිවරු පත් කර මේ ආකාරයටම පවතින පහසුකම් දුනහොත් වසරකට රුපියල් බිලියන දහයක මුදලක් වැය වන බවද ජනාධිපති කාර්යාලය ගණන් බලා තිබුණි. එම නිසා රාජ්‍ය අමැති වැටුප සහ වරප්‍රසාද නොමැතිව රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීමට ජනාධිපතිවරයා එකඟ වූයේ බදාදා රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක් එක්ව සිටියහ. සාකච්ඡාවේ අවසන් තීරණය වූයේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීමටය. එම මන්ත්‍රීවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලැබුණේ බදාදා මධ්‍යම රාත්‍රියට පැයකට පෙරය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමට ජය හිමි වෙමින් රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම සිදු විය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *