පුරාවිද්‍යා බිමෙන් අක්කර 550 ක් සිංගප්පූරු උක් කම්හලකට

පුරාවිද්‍යා බිමෙන් අක්කර 550 ක් සිංගප්පූරු උක් කම්හලකට

  • November 20, 2022
  • No Comment
  • 47

මහියංගන ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් ඇති ඇකිරියන්කුඹුර ගමෙන් උක් කර්මාන්ත ශාලාවක් සඳහා අක්කර 550 ක භූමි භාගයක් සිංගප්පූරු බහුජාතික සමාගමකට දීමට යන බව පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා සුරැකීමේ සංවිධාන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

ඌව වෙල්ලස්ස රුහුණු රාජධානිය, අනුරාධපුර රාජධානිය වගේම සුවිශේෂී කලාපයක් වන මෙම සශ්‍රීක ප්‍රදේශයේ ඉඩම් අක්කර 550 ක් එම කර්මාන්ත ශාලාව ඉදිකිරීමටත් එයට අමතරව එම ප්‍රදේශයේම තවත් අක්කර 65000 ක් උක්

වගාකිරීම සඳහා ලබාදීමටත් කටයුතු කෙරෙන බවද උන්වහන්සේ පැවසූහ. කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජිත භූමියට ඇසට පෙනෙන මානයේ පමණක් පුරාවිද්‍යා ස්ථාන හතක් තිබෙන බවද පැවසූ උන්වහන්සේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලින් මේ බව තහවුරු වී ඇතැයිද පැවසූහ. ඒ වගේම මෙවැනි වටිනාකම් සහිත ඉඩම් බහුජාතික සමාගම්වලට දීමෙන් පාරිසරික හානි, අලි ගම් වැදීම් සහ උල්පත් සිඳී යෑම් වැනි විශාල තර්ජනවලට මුහුණ දීමට සිදුවන බවද පවසන උන්වහන්සේ මෙම බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවස්තු සහිත බිම් විකුණාගෙන කන ක්‍රමය වහා නතරකරන ලෙස බලධාරීන්ට කියනවා යැයිද පැවසූහ.
සුජාතා ජයරත්න

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *