පාස්කු ප්‍රහාරය සහ සිරිසේනගේ පැටිකිරිය….

පාස්කු ප්‍රහාරය සහ සිරිසේනගේ පැටිකිරිය….

  • July 10, 2024
  • No Comment
  • 57

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිරිසේනගේ හඬපට හේමසිරි අතේ..! සිරිසේන ලෙඩ වීම පට්ට පල් බොරුවක්..! මෙන්න ඇත්ත..!

-රසල් හේවාවසම් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.10, ප.ව.8.45) මුලුමහත් සමාජයම සාපකරන පාස්කු ඉරිදා සමූහඝාතන අපරාධය සිදුවන බව  දැන දැනම රටෙන් මාරුවී එය සිදු වන තෙක්  නිහඬව බලාසිටි  හිටපු සේනාධිනායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකී ප්‍රහාර මාලාව සිදුවීමට ඉඩහැරිය  අපරාධයට. සෘජුවම වගකිවයුතු ප්‍රධානතම අපරාධකාරයෙකි. ඔහු එකී ප්‍රහාරය සිදුවීමට ඉඩහැරීමට ප්‍රධානතම හේතුව ගෝඨාභය රාජපක්ෂට බලයට ඒමට පාර කැපීමත්, ඉන්පසුව යන එනමං නැතිව සිටි තමන්ට සුරක්ෂිත දේශපාලන වටපිටාවක් නිර්මාණය කරගැනීමත් ය.

ඔහු එම ප්‍රහාරය දන දැනම මගහැරිය බව ඔප්පු කළ හැකි ඔහුගෙන් ප්‍රශ්න කළ හැකි තොරතුරු තවත් කීපයක් අපි අද හෙළිදරව් කරමු.

ඉහෙන් බහින ලෙඩක් තිබිලා නෑ..

සිරිසේන හදිසි සහ බරපතල රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රහාරයට පෙර සිංගප්පූරුවේ මවුන්ට් එලිසෙබෙත් රෝහලට ඇතුලු කර සිටි කතාව සාතිශය බහුතරයක් දන්නා ප්‍රහසන කාරණයකි. සිරිසේන ඒ සම්බන්ධව ජනාධිපති කොමිෂන්  සභාවට ලබාදුන් කට උත්තර මෙම ලියුම්කරු නැවත නැවත පරීක්ෂා කළේය. ඉන් පසුව මේ සිද්ධියට කළින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි ලෙස විමර්ශනය කළේය. මෙහිදී පැහැදිලි වන කාරණාවක් තිබේ. එනම් ජනාධිපතිවීමට පෙර ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ කාල වකවානුවලදී එනම් ජනාධිපති චන්ද්‍රිකාගේ හෝ ජනාධිපති මහින්දගේ පාලන සමයන්හිදී මෛත්‍රිපාල සිරිසේන කිසිම අවස්ථාවක එවැනි රෝගී පරීක්ෂාවකට ගොස් නොමැති බවයි. සිරිසේන ජනාධිපති ලෙස තේරී පත්වුණේ  2015 ජනවාරියේය. 2015 ජනවාරි 8 වනදා සිට 2019 අප්‍රේල් 19 දක්වා දක්වා කාල සීමාවේදී ඔහු කිසිම අවස්ථාවක සෞඛ්‍ය  හේතුන් මත  රටින් බැහැර වී නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කාලය ද විශ්ලේෂණය කරන ලදී. එම  ප්‍රහාරය සිදුවී  ගෙවී තිබෙන ආසන්න වසර පහ ඇතුලත කිසිම දිනක එවැනි සෞඛ්‍ය හේතුවක් මත ඔහු රටින් බැහැර වී නොමැත. රට යාම කෙසේ වෙතත්  අවම වශයෙන් ලංකාවේ පුද්ගලික රෝහලකට හෝ  ඇතුලත්ව නේවාසිකව සිටිමින් වෛද්‍ය පරීක්ෂනයක් සිදුකරගෙන නොමැත. ඉහෙන් බහින රෝගයක් නොමැතිව මේ තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු හරියටම කල් යල් බලා 2019 පාස්කු නිවාඩු සමයේ සෞඛ්‍ය හේතුන් මත කියමින් රට ගියේ ඇයි?  හිටපු ජනාධිපති සිරිසේනගේ මෙකී සියලු තොරතුරුවලින් තහවුරු වන්නේ ඔහු  පාස්කු ඉරිදා ප්‍රහාරය දැන දැනම එයින් මගහැරීම සඳහා  උපක්‍රමශීලීව රටින්  බැහැරව ගිය මහා අපරාධකාරයෙක් බව නොවේද? ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළ යුත්තේ එබැවිනි.

 

රනිල් කැඳවූ සාකච්ඡා වලට නොයන ලෙස සිරා හේමසිරිට තර්ජනය කළා..

 

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ (දැන් රනිල් රාජපක්ෂ)  හදිසියේ කැඳවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග අරලියගහ මැදුරට ගොස් රටේ පැවති බරපතල තත්වය පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු   සුදානම්ව සිටියේය. එහෙත් එකී සාකච්ඡාවට නොයන ලෙසත් එසේ ගියහොත් හේමසිරි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්  එක පෑන් පහරකින්  ඉවත්කරන බවටත් ත්‍රාඩ   සිරිසේන අවස්ථා  තුනකදී තර්ජනාත්මකව හේමසිරිට පවසා තිබේ.

 

සිරාගේ හඬපටි හේමසිරි අතේ..

තවද එදින අවස්ථා  කිහිපයකදී සිරිසේන  පිස්සෙකු ලෙස වියරුවෙන් හේමසිරි ප්‍රනාන්දුට (ජනාධිපතිවරයෙකුට නොගැලපෙන) නොසරුප් කුණුහරුප වලින්ද අමතා තිබේ. එකී දුරකතන ඇමතුම් සියල්ල පටිගත කරගෙන තිබෙන හේමසිරි ප්‍රනාන්දු ඉදිරියේදී ජනතා ආණ්ඩුවක් තුළ තමන්ට එරෙහිව දිගහැරෙන අධිකරණ  කටයුත්තක දී තමන්ගේ නිර්දෝශීභාවය වෙනුවෙන් මෙන්ම  සිරිසේන ප්‍රහාරය ගැන  හොඳින්ම දැන සිටි බව සනාථ කිරීම සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත්කිරීමට සුදානම් කර තිබෙන බවට  ඉතාම විශ්වාසදායී තොරතුරු මාර්ග විසින් සනාථ කෙරින.

ජනාධිපති ගෝඨාභයගේ බලපෑමෙන් හිටපු නීතිපති දප්පුල ලිවේරා විසින් හදිසියේම විභාගයට නොගෙන ඉවත්කරගත් හේමසිරිට එරෙහි අධිචෝදනා නඩුව යම්හෙයකින් විභාග වුයේ නම් හේමසිරි තමන් සතුව තිබෙන වියරු වැටුනු සිරිසේනගේ හඬ පට නඩු භාණ්ඩ කිරීමට ඉඩ තිබිනි. එහෙත් ඒ බව ඉවෙන් තේරුම්ගත් ගෝටා-සිරිසේන අපරාධකාර සන්ධානයේ බලපෑම මත එම නඩුව ඉවත්කර ගන්නා ලදී.

 

මේ තරම් අපරාධයක් සිදු වන්නට ඉඩදී රටින් බැහැර වූ අපරාධකරුවකු වන මෛත්‍රිපාල සිරිසේන හිරගෙදර නොව තවමත් පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේද? තවමත් ශ්‍රීලනිපයේ නායකත්වයට බලපෑම් කරන පුද්ගලයෙකු  ලෙස එම පක්ෂයේ සාමාජිකයන් තබා ගන්නේ කෙසේද? 270 කට වැඩි පිරිසක් මරා දැමීමට හවුල් වූ ඔහු ජනතාවගේ වියදමින් සියලු සුඛ විහරණ විඳින්නේ කෙසේද?

 

ඇත්ත මහාමොළකරු හෙළිදරව් වනු නියත ය…

කෙසේ නමුත් අපි මෙසේ දැඩි ලෙස විශ්වාස කරමු. මිනීමරු සිරිසේන සහ  නිලන්ත ජයවර්ධන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර යන හිටපු නිලධාරීන් යුක්තිගරුක පාලනයකදී අධිකරන ශාලවක විත්තිකූඩුවකට කොටුකර ප්‍රශ්න කිරීමකදී මිනීමරු ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩිකර බලයට ගෙන ඒමට සහරාන්ලා මෙහෙයවූ ඇත්ත මහාමොළකරු හෙළිදරව් වනු නියත ය.

මේ නිසා මේ අපරාධකාරයන් පරාජය කර  එවැනි යුක්තිගරුක ජනතා පාලනයක් ඇතිකළ හැකි කණ්ඩායමක් වෙත පාලනය මාරු කිරීම රට ඉදිරියේ ඇති අත්හළ නොහැකි වගකීමය.

-රසල් හේවාවසම් (LEN)

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *