ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නාය අනතුරු ඇගවීම්..!

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නාය අනතුරු ඇගවීම්..!

  • October 15, 2022
  • No Comment
  • 32
කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
ඒ අනුව අද (15) පෙරවරු 10.30 දක්වා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ ඒ අවට ප්‍රදේශවලට 3 මට්ටමේ (රතු) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, දොඩංගොඩ, මතුගම, මිල්ලනිය, බණ්ඩාරගම සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප්‍රදේශවලට 2 මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව . 2 මට්ටමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.
තවද, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, බේරුවල, පානදුර සහ කළුතර යන ප්‍රදේශවලට පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශවලට ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, නිවිතිගල, ඇහැලියගොඩ, කලවාන, අයගම, කිරිඇල්ල සහ රත්නපුර යන ප්‍රදේශවලට ද පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *