නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට පොදු සමා කාලයක්
- October 29, 2022
- No Comment
- 60
සංවිධානාත්මක අපරාධකරුවන් සතු ගිනි අවි භාරදීම සඳහා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම බස්නාහිර හා දකුණු පළාත්වලින් වැඩිවශයෙන් වාර්තා වන බවයි.
මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ආවේක්ෂණ රාජකාරි රැසකට බාධා මතු වූ බව ද ඔහු පැවසුවේ ය.