නව ඩිජිටල් විසඳුම් හතකට මෙවර ‘Spiralation’ Demo Day හිදී ව්‍යාපාරිකයන්ගේ සහාය

නව ඩිජිටල් විසඳුම් හතකට මෙවර ‘Spiralation’ Demo Day හිදී ව්‍යාපාරිකයන්ගේ සහාය

  • October 7, 2022
  • No Comment
  • 32

නව්‍ය  ඩිජිටල් තාක්ෂණික විසඳුම් හතක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කළ ‘Spiralation Demo Day’ හිදී හැකිවි තිබේ. මෙය තුන්වන Demo Day වැඩසටහනයි. නව්‍ය  තාක්ෂණික නිමැවුම් (Startup ecosystems) සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් 2010 සිට මෙම Spiralation වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙමගින් නව්‍ය ව්‍යවසායකයින් (Startup) දැනුවත් කිරීම්, නව ව්‍යවසායකයන් හඳුනාගැනීම්, වෙළඳපල අවස්ථා උදාකරදීම්, ආරම්භක අවස්ථාවන් Startup සදහා අරමුදල් සැපයීම, උපදේශනය සහ උපදේශනය මගින් ආරම්භක පරිසර පද්ධති (Startup ecosystems) සංවර්ධනය සඳහා  සහාය දක්වයි.

මෙවර  ‘Spiralation Demo Day’ හිදී ඩිජිටල් තාක්ෂණික විසඳුම් හතක් ඉදිරිපත්විය. Expoloader ඉදිරිපත්කළ (space optimization software) අවකාශය ප්‍රශස්තිකරණ මෘදුකාංගය, Billable ඉදිරිපත්කළ  (All in One Business Management Toolkit)සියල්ල එකම ස්ථානයකින්  කළමනාකරණය කල හැකි  ව්‍යාපාර කළමනාකරණ මෙවලම් කට්ටලය, Eimsky ඉදිරිපත්කළ (one-stop vendor for all your RFID/Access management needs) එකම රේඩියෝ තරංග පද්ධතියක් මගින් විවිධ දේ හදුනා ගැනීමේ මෘදුකාංග විසඳුම්), Helios  ඉදිරිපත්කල  (peer-to-peer) එකිනෙකා අතර ණය දීම සහ විකල්ප මූල්‍යකරණ වේදිකාව,  QBus ඉදිරිපත්කල මාර්ගගත බස් ටිකට් වෙන්කරවා ගැනීමේ සේවා මෘදුකාංග විසඳුම ), AnyBanq ඉදිරිපත්කළ ඩිජිටල්  බැංකු තොරතුරු වේදිකාව, සහ  Superb Business Solutions (Pvt) Ltd.ඉදිරිපත්කළ ශිෂ්‍ය MIS මෘදුකාංගය මෙම නව්‍ය ව්‍යවසාය හතට ඇතුලත්විය.  මෙම නව්‍ය තාක්ෂණ නිපැයුම් කරුවන් ට තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ   ප්‍රමුඛයන් සමග සබඳතා ගොඩනගා ගැනීමට   ද මෙහිදී අවස්තාව ලැබින.  මෙවර Spiralation Demo Day’ සදහා ප්‍රධාන  අනුග්‍රාහකයන්  ලෙස Bhasha Lanka Pvt Ltd, Direct Pay, Loops Digital Pvt Ltd, Nanosoft  Global Pvt Ltd (Smart COOP), SenzMate Pvt Ltd, සහ  Univiser.io,  යන ආයතන එක්විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි  (ICTA) සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා මෙහිදී  ප්‍රකාශ කළේ, “මෙම වැඩසටහනේ ප්‍රමුක අරමුණ වන්නේ  නව්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම බවයි.  අභියෝග රැසක් මධ්‍යයේ වුවද දේශීය ආර්ථිකය ප්‍රවර්ධනයට  ‘Spiralation Demo Day’  දායක වන බැවින් එය දිරිමත් කළ යුතුයි.” එමගින්  සාර්ථකත්වය ලබාගත් සමාගම් පිළිබද  අත්දැකීම් රැසක් අප සතුව පවතියි.  එය ට හේතුව වසරින්  වසර වැඩි දියුණු කරගත්  විශ්වාසයයි. සැඟවුණු මැණික් වැනි නව්‍ය ව්‍යවසායකයින් සොයාගනිමින්   ඔවුන්ගේ ව්‍යාපාර ඊළඟ මට්ටමට ගෙන යාමට උපකාර කිරීම සඳහා Spiralation වැඩසටහන මගින්  පහසුකම් සැලසීමට හැකිවීම පිළිබද  අපි ආඩම්බර වෙමු.” මෙම සමාරම්භය පිළිබඳව අදහස් දක්වමින් Fintech Digital Pvt Ltd හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී හිතේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, “අපගේ සාර්ථකත්වයට සහ පැවැත්මට ICTA ආයතනය  විශාල වශයෙන්  සහාය විය. එනිසා අපට ආරම්භක පරිසර පද්ධති සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි වී තිබේ. එමෙන්ම  ලොව පුරා වෙලඳපොලවල් රාශියක දොර විවරකර දීමට ද අපට හැකිවිය. ”

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නව්‍ය ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරිම හා Spiralation  වැඩසටහන හා සම්බන්ද වීමට startups@icta.lk  හා සම්බන්ධ වන්න.

ICTA Spiralation (@spiralation) / Twitter

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *