දුම්රියේ කොල්ලකෑම් ඉහළට
- October 9, 2022
- No Comment
- 46
මේ දිනවල දුම්රිය තුළ සිදුවන මංකොල්ලකෑම් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දුම්රිය තුළ දී කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි.
මගී ජනතාවට තුවාල සිදුකරමින් ඇතැම් කොල්ලකෑම් සිදුකර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ දැනුවත් කර ඔවුන්ගේ ද සහාය ඇතිව කඩිනම් ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමානාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.
මේ අතර දුම්රිය පිළිපැනීමක් හේතුවෙන් ඇණහිට තිබු උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වු උත්තර දේවී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අසල දී ඊයේ (08) දිනයේ පිළිපැනීමට ලක්වුණි.
මේ හේතුවෙන් ඊයේ දිනයේ සිටඅනුරාධපුර දක්වා ගමන් ආරම්භ කළ ඔඩීසි විශේෂ දුම්රිය මහව ප්‍රදේශයෙන් නතර කිරීමට ද දුම්රිය බලධාරින්ට සිදුවුණි.
ඒ අනුව එම දුම්රියේ සිටි සියලු මගීන් බස් රථ මගින් ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම පිළිපැනීම් සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ නඩත්තු කිරීම් කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වි.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.