
දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්
- July 1, 2022
- No Comment
- 76
දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව, සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, දිවයින පුරා වාර්තාවන රෝගීන්ගේ අහඹු සාම්පල පරික්ෂාවට යොමු කෙරෙන බවයි.
ඉන්ෆ්ලුවෙන්සා A වෛරස් ප්‍රභේදය සෑම වසරකම ජුනි, ජූලි, අගෝස්තු කාලසීමාවේදී සහ දෙසැම්බර්, ජනවාරී කාලසීමාවේදී වාර්තාවන බව ඔහු සඳහන් කළේ ය.
එහි රෝග ලක්ෂණ වන්නේ කැස්ස, උණ සහ සෙම්ප්‍රතිෂ්‍යාවයි.
ඇතැම් රෝගීන් නිවුමෝනියාවට ගොදුරුවිය හැකි බැවින් අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විමසිලිමත්වීම අතිශය වැදගත් බව, සමිත ගිනිගේ මහතා සඳහන් කළා ය.
ඒ අනූව අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, අවුරුදු 2 ට අඩු දරුවන්, ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් එ් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වූ අයෙකුට විවේකය අත්‍යවශ්‍ය බව ද, වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.