දමිතට දඬුවම් දෙනවා නම් සල්ලි අච්චු ගහල රටේ විශාලම අර්බුදය හදපු අයට දඬුවම් නැද්ද? -චම්පික රණවක අසයි
- September 9, 2022
- No Comment
- 38
රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. මේ රටේ තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය පාදක වී තිබෙන බව දැන් රටේ ජනතාව අත්දකිමින් සිටින බවත් අද උද්ධමන අනුපාතය 60% ඉක්මවා ඇති බවත් රණවක පෙන්වා දෙයි.
අද(08) පාර්ලිමේන්තුව අමතමින් රණවක ප්‍රකාශ කළේ කෝප් සහ පැක් කමිටු තවමත් නම් නොකිරීම නිසා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසූ පරිදි ගල් අඟුරු, ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල විමර්ශණයක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය.
කෝප් කමිටුව හදන්නෙ නැත්තෙ ගල් අඟුරු දූෂනය වහ ගන්නද?
“එතුමා මේ සභාවේදී ප්‍රකාශ කළා ප්‍රසම්පාදනය පිළිබඳ විපක්ෂයට අවස්ථාව දෙනවා කියලා. මම ඒක භාර ගත්තා ඒක කරන්නම් කියලා. ඒ පිළිබඳ නීතිමය ප්‍රතිපාදනයක් දැනට නැති නිසා, ඒක මුදල් කාරක සභාවට යොමු කරලා තියෙනවා. නමුත් මේ පිළිබඳව විගණකාධිපතිවරයා හරහා මූලික පරීක්ෂණයක් සිදු කිරීමට හැකියි. තෙල් පිළිබඳ සම්පූර්ණ ගැටලුව එතුමාටත් ජනාධිපතිතුමාටත් යොමු කරලා තියෙනවා මෙන්න මේ ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදනයේදී ඇගයිය යුත්තේ කියලා. ඒ නිසා විගණකාධිපතිවරයාගේ වාර්තාවක් අරගෙන ඒක කෝප් සභාවට වහාම යොමු කරලා ඒ කෝප් සභාව ස්ථාපිත කරලා ඒ පිළිබඳව කටයුතු කරනවා නම් විවෘතභාවය මේ තුළින් ඇති වෙනවා.
ගල් අඟුරු ටෙන්ඩරයට ආරම්භයේ සම්බන්ධ නොවූ සමාගමක් මැදදි ඇතුල් කිරීම නිසයි ඒ ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා මේ පිළිබඳ සැක සංකා බොහෝ දුරට මතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි පිළිගන්නවා මේ තියෙන මූල්‍ය අර්බුදය එක්ක පරණ ක්‍රමයට මේක ගෙනියන්න බෑ කියන එක. ඒ වගේම ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා අපි බිය විය යුතු නෑ. 2015 දී මේ ටෙන්ඩර් එකට අමතරව හඳුන්වලා දුන්නා. ඒ අනුව අපේ අවශ්‍යතාව මත ඕනම මොහොතක ගල් අඟුරු ප්‍රසම්පාදන ප්‍රතිපාදනය ලංකා ගල් අඟුරු සමාගමට තිබෙනවා.
නොදියුනු පිරිවැටුම් බද්ද ඉවත් කරන්න..
පිරිවැටුම් බද්දක් මුල් අයවැයේ දී බැසිල් රාජපක්ෂ මහත්මයා හඳුන්වලා දුන්නා. අපි එදත් ප්‍රකාශ කළේ පිරිවැටුම් බදු 2.5 ක බද්දක් වුණත් ඒක අතීතයට අයිති නොදියුණු, බදු ක්‍රමයක්. මේ මඟින් නිෂ්පාදනයේ සිට අලෙවිකරණය දක්වා තියෙන මේ ක්‍රියාදාමයේ, අවස්ථා ගණනාවකදී මේ බද්ද එකතු වෙනවා. ඒ අනුව මේ අර්ථයෙන් කිව්වට 2.5 යි කියලා ඊට වඩා වැඩි විශාල ප්‍රමාණයක බදු එකතුවක් මේ මගින් වෙනවා.
මේ නිසා තමයි අගය එකතු කිරීමේ බද්ද, (වැට් බද්ද) හඳුන්වා දුන්නේ. ඒ දියුණු බදු ක්‍රමය වෙනුවට, ඒ තිබියදී මේ පිරිවැටුම් බද්ද නැවත ගෙන ඒම, මන් හිතන්නේ අතීතයට අයිති, අපේ නොදියුණු ලක්ෂණය පෙන්වන ක්‍රියාවලියක් වෙනවා වගේම, මේ බදු මගින් අතිරේකව 2.5 ට වඩා වැඩි බදු ප්‍රතිශතයක් එකතුවීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ සියලුම භාණ්ඩ නිෂ්පාදනය කරගෙන, සේවා සපයගෙන භාණ්ඩ නිපදවලා ඒවා අලෙවි කරන අයට මේකෙන් අතිරේක වාසියක් එනවා. සාමාන්‍යයෙන් අන් අයගෙන් නිෂ්පාදන භාණ්ඩ මිලදී ගෙන අන් සේවා සපයගෙන අලෙවිකරණයේ පමණක් නියැලෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට මේ පිරිවැටුම් බද්දෙන් අවාසියක් වෙනව. ඒ නිසා මේ බද්ද ප්‍රතිපත්තියක්, මූලධර්මයක් හැටියට කිසිසේත් පිළිගන්න එකක් නෙවෙයි.
ක්‍රම සහ විධි කමිටුව වහාම ස්ථාපිත කරන්න..
ඒ වගේම සෘජු බදු ගෙවන පිරිස් ආදායම් සහිත පිරිස් ඒ ආදායම් බදු නොගෙවා පැහැර හැරලා තියෙන බව අපට මේ පසුගිය දවස්වල උසාවි මාර්ගයෙනුත් ඒ වගේම ඇති වූ නොයෙක් සිදුවීම් වලිනුත් පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා යෝජනා කළා ක්‍රම සහ විධි, (Way and Means) කමිටුවක් පත් කරන්න කියලා.
ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, ඒ වගේම 1964 ට කලින් මහා බ්‍රිතාන්‍යයේ තිබුණා වගේ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවට පුළුවන් එවැනි කමිටුවක් හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආදායම් එකතු කරන අය ගැනත්, ඒ වගේම බදු පිළිබඳවත්, ඒ වගේම ආදායම් වියදම් පිළිබඳවත්, විධිමත් ආකාරයේ යෝජනාවක් මේ පාර්ලිමේන්තුව තුළ ඇතිකරන්න. එතුමා ඒ යෝජනා කරපු ඒ ක්‍රම සහ විධි කමිටුව වහාම ස්ථාපිත කරන්න. එතකොට මේක විවෘත භාවයෙන් යුතුව සිදු කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා.
මේ සියල්ලට ඉහළින් වෙච්ච දැවැන්ත බද්දක් අද මේ රටේ ජනතාවට ලැබිලා තියෙනවා. ඒක තමයි උද්ධමනය. 60% ක තියෙන මේ දැවැන්ත උද්ධමනය එක්තරා ආකාරයක බදු අය කිරීමක්. මේ උද්ධමනය කොහොමද ඇති වුණේ? ආණ්ඩුවේ අපි ගත්තොත් මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් මිලදී තියෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2019 දෙසැම්බර් මාසේ මේ ආණ්ඩුව එනකොට තිබුණේ බිලියන 363 යි. අද මේ ප්‍රමාණය මේ අගෝස්තු 31 වෙනිදට ට්‍රිලියන 3.2 ක් (බිලියන 3200 ක්) තරම් විශාල අගයක් අරගෙන තියෙනවා. එහෙම නම් මේ අවුරුදු දෙකහමාරක කාලය තුළ අඩුම තරමින් සල්ලි අච්චු ගැසුවා යැයි කියලා සැක කරන්න පුළුවන් ප්‍රමාණය බිලියන 3000 ක්. 2019 මේ පාලනය එන අවස්ථාවේදී රටේ සංසරණය වෙච්ච කාසි, නෝට්ටු ඇතුළු වල වටිනාකම ආසන්නයෙන් බිලියන 1500 යි. අච්චු ගැහුවා නම් එතෙක් කල් මුළු ඉතිහාසය පුරා ම තිබිච්ච කාසි හා නෝට්ටු ප්‍රමාණය බිලියන 1500 යි නම් බිලියන 3000ක් අච්චු ගැහුවා නම් කාටත් පැහැදිලියි භාණ්ඩ ප්‍රමාණය, නිෂ්පාදනය වැඩි වෙන්නැති තත්ත්වය තුළ ඒ මුදල් අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් හැටියට 60% කට අධික වේගයෙන් උද්ධමනය වැඩි වෙලා.
කාටත් අත්දැකීමක් අද තියෙනවා. හාල් සේරුවේ ඉඳන්, පොල් ගෙඩියේ ඉඳන් ඒ වගේම ඩීසල්, පෙට්‍රල් ඉඳන් මේ අවුරුදු දෙකහමාරට භාණ්ඩවල මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් තිබෙන බව. ඒ නිසා එදා හිටපු මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළා, පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියටත් ප්‍රකාශ කළා. සල්ලි අච්චු ගැහුවට, උද්ධමනයක් එන්නේ නැහැ. මොකක්ද තියෙන සම්බන්ධය කියලා ඇහුවා. දැන් අපිට ඒක ප්‍රායෝගිකව අත් දකින්න ලැබිලා තියෙනවා. මේ රටේ තුන් ගුණයකින් අපේ භාණ්ඩ මිල ඉහළ යාමට, ඉහළ සේවා මිල ඉහළ යාමට, මේ සල්ලි අච්චු ගැහීමේ ක්‍රියාවලිය පාදක වෙලා තිබෙන බව.
දමිතට දඬුවම් දෙනවා නම් සල්ලි අච්චු ගහල රටේ අර්බුද හදපු අයට දඬුවම් නැද්ද?
එතකොට මේවට වගකිවයුතු නිලධාරීන්ට නැද්ද මොනම ආකාරයකවත් දඬුවමක්. උද්ඝෝෂණය කරපු දමිතා එහෙම වෙනත් ආකාරයක උද්ඝෝෂකයින්ට දෙන දඬුවම මේ සල්ලි අච්චු ගහලා රටේ මේ අර්බුදය ඇති කරපු නිර්මාණය කරපු හා දේශපාලකයින්ට නැද්ද කියන ගැටලුව අපි ඉදිරියේ තියෙනවා. ඔවුන්ට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම මහ බැංකුවේ වගකීම ඒක.
උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවේ උපාය මාර්ගය පොලී අනුපාතය ඉහළ යැවීම. පොලී අනුපාතය නිල වශයෙන් 14% ට ගෙනල්ලා තියෙනවා. හැබැයි මහ බැංකුවම භාණ්ඩාගාර බිල්පත් 31%-32% ට මිලදී ගන්න. එතකොට අනිවාර්යෙන්ම බැංකුවලට සිද්ධ වෙනවා, අද බැංකු කරගෙන යනවා, 20%-22%-25% ට මුදල් භාරගැනීමේ ක්‍රියාවලියක් යනවා. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අර අච්චු ගහපු වෙළඳපොළට දාපු සල්ලි ටික නැවත වතාවක් බැංකු ක්‍රමයට ගැනීම නමුත් 60% ක පමණ තියෙන උද්ධමනයක්, (මිල උද්ධමනය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්) මේ 14% ක පොළියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තවත් වැඩි කරන්න වෙනවා. ඒ මුදල් ආපහු ගන්න.
30% පොලියට අරගෙන කොහොමද ව්‍යාපාර කරන්නෙ..?
නමුත් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? සියයට විසි ගණන් වල පොලියට ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ කොහොමද? ඒ අයට අද ව්‍යාපාර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ 30% පොලියට අරගෙන. එතකොට ඒ ව්‍යාපාර ගොඩනැගෙනවද? නෑ. ඒ නිසා අද සීඝ්‍රයෙන් ව්‍යාපාරවලට පහර වදිමින් යනවා.
පළවෙනි එක ඉන්ධන අර්බුදය, ඉන්ධන අර්බුදය නිසා ව්‍යාපාර වැටෙමින් තිබෙන බව අද ඉන්ධන භාවිතාව, ප්‍රතිශත දිහා බැලුවට පස්සේ පේනවා, ආර්ථිකය කඩා වැටෙන බව. මේ මාර්තු මාස ඩීසල් භාවිතයෙන් තුනෙන් එකයි අද සිද්ධවෙන්නේ. විදුලි බල ඉල්ලුමෙන් 20% ක් කඩා වැටිලා තියෙනවා. සීඝ්‍රයෙන් කර්මාන්ත හා සේවා ඇකිලෙමින් යනවා. ඉන්ධන වලට අමතරව දැන් මූල්‍ය ක්ෂේත්‍රයේ අධික විදිහට පොලී ඉහළ යෑම නිසා ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකි වෙනවා. අද අපි ගත්තොත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හය ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. තවත් කර්මාන්ත මේකට එකතු වෙන්න නියමිතයි. 30% – 35% පොලී වලට ව්‍යාපාර කිරීමේ හැකියාවක් මේ රට තුල නෑ. ඒ නිසා අපි නැවතත් ඉල්ලා හිටිනවා මේ පිළිබඳ වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතුයි. මේක කළමනාකරණය කිරීම සඳහා අදටත් කරන්නේ සල්ලි අච්චු ගැහීම. මේ වසර තුළ පමණක් බිලියන 1200 ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. ඒක රටේ මේ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, බදුවලට වඩා වැඩියි. සිද්ධ වෙන්නේ මේ විෂම චක්‍රය තව තවත් වටයකින් ඉදිරියට යාම විතරයි.”
LeN