
දකුණේ ඝාතන මඩින්න පොලිසිය සුදානමින්..
- September 7, 2022
- No Comment
- 61
දකුණේ ඝාතන රැල්ලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිද්ධි 11 කට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
ගාල්ල මාපලගම සිරි සුනන්ද ජාතික පසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේ ය.