තොටළඟ ගින්න බලන්න ආ මුජිබර්ට ජනතා විරෝධය
- September 27, 2022
- No Comment
- 55
ගිනි ගත් නිවාස වෙනුවෙන් මුජිබර්ගෙන් පොරොන්දුවක්
තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබූ අතර අද උදෑසන එම ස්ථානයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන්ගේ පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ මන්ත්රීවරයාට පැමිණ සිටි පුද්ගලයන්ගේ විරෝදතාව එල්ල වූ බවයි
ගින්නෙන් පීඩාවට පත් ජනතාව තම නිවාස වෙනුවෙන් සධාරණයක් ඉටු කරන ලෙස මන්ත්රීවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහි දී මන්ත්රීවරයා කියා සිටියේ කඩිනමින් නිවාස සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.