තිළිණිගේ ගනුදෙනු ගැන අහන්න හයක් CIDයට

තිළිණිගේ ගනුදෙනු ගැන අහන්න හයක් CIDයට

  • October 27, 2022
  • No Comment
  • 35

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ හය දෙනෙකුට ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ හය දෙනා අතර නිරූපිකාවක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ද වන බව දැනගන්නට තිබේ.

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා ගැනීමට මොවුන් කැඳවන බව ද එම තොරතුරුවල සඳහන් වේ.

එමෙන් ම ප්‍රියමාලිගේ ගනුදෙනුකරුවන් සමග ඇතිකරගත් අතිශය පෞද්ගලික දුරකතන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් රහස් පොලිසිය සතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රශ්න කරනු ඇතැයි කියති.

මේ අතර, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත ය. ඒ අතර තවත් නළු නිළියන් ද සිටින බව කියති.

තිළිණි ප්‍රියමාලි සමග මොවුන් කළ ගනුදෙනු හා දුරකතන සංවාද, ඇගේ ව්‍යාපාරවල නිරතවීම් වැනි දේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කැඳවීම් සිදුකරනු ඇතැයි සඳහන් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියන්කර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් 11ක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *