තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට

තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට

  • October 13, 2022
  • No Comment
  • 41

රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන්  රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුධය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් දිය හැකි බවටත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියගේ එම ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයන් රැසක් ඇයට ඩොලර් ලබා දී ඇති බවත්, එලෙස ව්‍යාපාරිකයන්ගේ ලබා ගත් ඩොලර් ඇය ඒවා වංචා කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එක් ව්‍යාපාරිකයකු ඇයට රැවටී ඇමැරිකානු ඩොලර් 60,000 ක් , පවුම් 136 ක්, ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් ලබා දී ඇති බවත්,  තෙල් නැවට මුදල් ගෙවු පසු දින දෙකකින් එම මුදල් ලාභ සමග ලබාදෙන බවට පවසා සැකකාරිය මුදල් ලබාගෙන ඇති බවට එම ව්‍යපාරිකයා ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *