තැඹිලි ශාකයටත් සුදු මැස්සාගේ හානිය…
- October 8, 2022
- No Comment
- 65
දෙසැම්බරය වන විට තැඹිලිත් නැතිවෙයි
‘‘සුදු මැස්සා’‘ නමැති කෘමියාගේ වැඩි බලපෑම් එල්ල වන්නේ තැඹිලි ගස්වලට නිසා ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ තැඹිලි හිඟයක් ඇති විය හැකි බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සාගේ හානිය තැඹිලි ශාකයට වැඩි වශයෙන් බලපෑ ඇත්තේ තැඹිලි කහ පැහැයට මෙම කෘමියා ආකර්ෂණය වීම හේතුවෙනි.
මෙවර වැඩිපුරම තැඹිලි වවන්නේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමිනි. වැඩිපුරම තැඹිලි අපනයනය කෙරෙන්නේ මැදපෙරදිග රටවලටය. පසුගිය වසරේදී තැඹිලි ගෙඩි ලක්ෂ අනූපහක් අපනයනය කර ඇති නමුත් මෙම වසරේ පැතිරෙමින් ඇති සුදු මැස්සා හානිය නිසා ඉදිරියේදී තැඹිලි අපනයන වෙළෙඳපොළටද බලපෑමක් එල්ල විය හැකිය.
මේ වනවිට සුදු මැස්සා උවදුර මගින් මෙරට පොල් වගාවේ අක්කර දෙදහසකට පමණ හානි සිදුව ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි ආරච්චිගේ පවසයි. කෙසේ වෙතත් මේ වනතුරුත් සුදු මැස්සා විනාශ කළ හැකි පළිබෝධනාශකයක් හෝ වෙනත් කෘමි වර්ගයක්ද හඳුනාගෙන නැත.