ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ඇරඹෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ඇරඹෙයි

  • September 13, 2022
  • No Comment
  • 25

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

එහි අරමුණ යම් එකඟතාවයකට පැමිණීම බව සඳහන් ය.

වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවය.

මූල්‍ය උපදේශකයින් වන “ලැසාර්ඩ්” ආයතනයේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය මැයි මාසයේදී තීරණය කළ අතර ජාත්‍යන්තර නීති උපදේශක සමාගමක් වන “ක්ලිෆර්ඩ් චාන්ස්” ද මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යට සහාය වෙයි.

ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 85 සිට ඩොලර් බිලියන 100 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

චීනය, ජපානය සහ ඉන්දියාව ට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 13ක් පමණ වෙතැයි පැවසෙයි.

ඉන් වැඩි ප්‍රතිශතයක් චීනය සතුය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *