ජනමාධ්‍යවේදීන්ට පහර දීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම ගැන නිරීක්ෂණය කරනවා – ලෝක විකාශකයින්ගේ සංගමය

ජනමාධ්‍යවේදීන්ට පහර දීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම ගැන නිරීක්ෂණය කරනවා – ලෝක විකාශකයින්ගේ සංගමය

  • September 21, 2022
  • No Comment
  • 38

ජනමාධ්‍යවේදීන්ට පහරදීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය අඛණ්ඩව ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ලෝක විකාශකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ජාත්‍යන්තර විකාශකයින් අතර සම්බන්ධීකරණ ආයතනයක් ලෙස 1922 වසරේ ආරම්භ කළ ලෝක විකාශකයින්ගේ සංගමය සිය සාමාජිකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට ගෝලීය වශයෙන් විසඳුම් ලබාදීමට මැදිහත්වන සංවිධානයකි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවධානය යොමුකරමින් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය ජූලි 9 වැනිදා පොලීසිය හා ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන් වෙත එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමද නිල වශයෙන් පිළිගෙන ඇති බවය.

මෙම දිනයේ සිදුකළ ප්‍රවෘත්ති වාර්තාකරණය හා එවක අගමැතිවරයාගේ නිවසට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් සේවය කරන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කැඳවීම් කර ඇතැයි ද ලෝක විකාශකයින්ගේ සංගමය සිය නිවේදනයේ පෙන්වා දී තිබේ.

පසුගිය ජුලි 9 වැනිදා සිදුවූ සිද්ධිය විමර්ශනය කිරීම සදහා අපක්ෂපාතී යාන්ත්‍රණයක් පත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ, අදාළ මාධ්‍යවේදීන්ට හා ඔවුන් සේවය කල මාධ්‍ය ආයතනයේ ඕනෑම නිලධාරියෙකුට පොලිසිය හෝ ආරක්ෂක විසින් කිසිදු ආකාරයක බිය වැද්දීමක්, තර්ජනය කිරීමක් හෝ ප්‍රහාරයක් එල්ල නොවීමට වගබලාගත යුතු බවයි.

ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම හිමි සීමාසහිත කැපිටල් මහාරාජ සමූහය වෙනුවෙන් සෘජුවම පෙනී සිටින බව ද ලෝක විකාශකයින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර තිබේ.

ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමය, ආරාබි රාජ්‍ය විකාශකයින්ගේ සංගමය, අප්‍රිකානු විකාශකයින්ගේ සංගමය, කැරිබියානු විකාශකයින්ගේ සංගමය, යුරෝපා විකාශකයින්ගේ සංගමය, විකාශකයින්ගේ ජාත්‍යන්තර සංගමය සහ උතුරු අමෙරිකානු විකාශකයින්ගේ සංගමය ලෝක විකාශකයින්ගේ සංගමයේ සාමාජිකයින් වේ.

උතුරු අමෙරිකානු විකාශයකයින්ගේ සංගමය එහි වත්මන් ලේකම් ධුරය දරනු ලබයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *