ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ජීවන රඟමඩලින් සමුගනී..!

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ජීවන රඟමඩලින් සමුගනී..!

  • October 2, 2022
  • No Comment
  • 36

ප්‍රතිභාපූර්ණ සම්මානනීය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යනවිට 41 වන වියේ පසුවුණා.

දුර්ලභ ගනයේ රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරමින් ටෙලිනාට්‍යය මෙන්ම සිනමාව ආලෝකමත් කළ දර්ශන් ධර්මරාජ්ගේ සමුගැනීම පිරිමසාලිය නොහැකි වනු ඇති.

දර්ශන් ධර්මරාජ් 2008 වසරේ දී සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ ඒ නයින් ටෙලිනාට්‍ය තුළින් ප්‍රථමයෙන් රූපවාහිනී නිර්මාණයට පිවිසියා. ප්‍රභාකරන් චිත්‍රපටයේ ත්‍රස්ත නායකයාගේ චරිතය නිරූපණය කරමින් මහත් ජනාදරයට පාත්‍ර වූ ඔහු එතැන් සිට ටෙලිනාට්‍ය සහ සිනමාපට රැසකට දායක වුණා. ඉනි අවන්,  පෝරිසාදයා,  ඉර හද යට,  මාතා,  මචං,  ඇඩ්‍රස් නෑ,  ස්පන්දන,  ආලෝකෝ උදපාදී,  උලත් එකයි පිලත් එකයි,  දැවෙන විහගුන්,  සුපර්ණා ඇතුළු සිනමාපට රැසක ඔහුගේ රංගන ප්‍රතිභාව මැනවින් ප්‍රදර්ශනය කෙරුණා. සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ දර්ශන් තවත් දින කිහිපයකින් තිරගතවීමට නියමිත ප්‍රාණ චිත්‍රපටය සදහා ද රංගනයෙන් දායක වී තිබෙනවා. කෙටි කාලයක් තුළ ඔහු ප්‍ර දර්ශනය කළ රංගන පෞරුෂය හේතුවෙන් සම්මාන උළෙල රැසකදී දර්ශන් ධර්මරාජ් සම්මානයට පාත්‍ර වුණා. රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ දර්ශන් ධර්මරාජ් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන්.

අද උදෑසන හදිසි හෘදයාබාදයක් හේතුවෙන් මිය යනවිට 41 වන වියේ පසුවූ ඔහු එක්දරු පියෙක්. දර්ශන ධර්මරාජ්ගේ දේහය අද රාත්‍රී 7 සිට හෙට පස්වරු 3 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙනවා. ඉන් අනතුරුව ඔහුගේ රක්වානේ පිහිටි නිවසට රැගෙන යාමෙන් අනතුරුව ලබන බදාදා අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *