ජනපති පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය හමුවෙයි

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය හමුවෙයි

  • September 21, 2022
  • No Comment
  • 32

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපතිවරයා ඊයේ (20) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය හමුවී ඇති බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සංවිධානය කර තිබූ  පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා සහභාගී වි ඇත.

එහිදී ජනාධිපතිවරයාට ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *