“ජනගහනයෙන් භාගයක් ම දරිද්‍රතා සීමාවෙන් පහළ”: පේරාදෙණිය සරසවි සමීක්ෂණයක් කියයි

“ජනගහනයෙන් භාගයක් ම දරිද්‍රතා සීමාවෙන් පහළ”: පේරාදෙණිය සරසවි සමීක්ෂණයක් කියයි

  • November 3, 2022
  • No Comment
  • 39

ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය කළ නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

මේ වසරේ ජනවාරි මාසය වන විට මෙරට සිටි දුප්පතුන් සංඛ්‍යාව 3,042,300ක් වූ බවත් එම පිරිස මේ වන විට 96,90,000ක් වී ඇති බවත් තම අධ්‍යයනයෙන් හෙළි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ ‘මව්බිම’ට ඊයේ (ඔක්. 10) පැවසීය.

2019 ජනවාරි සිට 2021 දෙසැම්බර් දක්වා දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව වෙනසක් සිදු නොවූයේ යැයි ද, 2022 ජනවාරි සිට තම අධ්‍යයනයට ලක් කළ ජූලි මාසය දක්වා කාලය තුළ විශාල වශයෙන් දරිද්‍රතාව වැඩි වි ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

2019 වන විට දරිද්‍රතා සීමාවෙන් පහළ සිටි පවුල් 6,81,800 වූ අතර එය 2021 අවසන් වන විට 7,50,000 වූ බව කී මහාචාර්යවරයා එය ගත වූ මාස 7 තුළ පවුල් 2,422,500ක් දක්වා වර්ධනය වූයේ යැයි ද කීවේ ය. 2021 වර්ෂය ආරම්භයේදී එක් පුද්ගලයකුට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදම රුපියල් 7,919ක් වූ අතර එය 2022 ජූලි මාසය වන විට රුපියල් 13,138ක් වී ඇතැයි ද අතුකෝරළ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, සාමාන්‍ය පවුලකට 2021 අවසානය වන විට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදම රුපියල් 29,278ක් වූ අතර එය මේ වන විට රුපියල් 48,611ක් වී ඇතැයි ද හෙතෙම කීය.

සෑම වසර තුනකට ම වරක් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතාව පිළිබඳ සමීක්ෂණය කරන බවත්, 2019 අවසන් වරට සිදු වූ එම සමීක්ෂණය මේ වසරේදී කළ යුතු නමුත් එම දෙපාර්තමේන්තුව මේ වසරේදී එම සමීක්ෂණය සිදු නොකරන බැවින් තමන් එය සිදු කළ බව ත් මහාචාර්ය අතුකෝරළ කීවේ ය.

එමෙන් ම ලෝක බැංකුව මෑතකදී ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීම ද මෙම අධ්‍යයනයේ අරමුණක් යැයි ද ඔහු සඳහන් කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *