ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවැනි තැනට

ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවැනි තැනට

  • September 16, 2022
  • No Comment
  • 77

ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටී.

එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටි Amazon නිර්මාතෘ Jeff Bezos මේ වන විට සිව්වැනි තැනට පත්ව ඇති අතර LVMH ප්‍රධාන විධායක නිලධාරී Bernard Arnault තෙවැනි තැනට පත්ව සිටී. මොවුන් අභිබවමින් ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ Adani  සමූහයට අයත් කොටස්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟිනි.

ෆෝබ්ස් දත්ත වාර්තාවලට අනුව ඔහු දෙවැනි වන්නේ ඩොලර් බිලියන 273.5 ක වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ට පමණි.

2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින් සටහන්ව ඇත.

ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 9 දෙනා පහත පරිදි වේ.

Elon Musk ($273.5 billion),

Gautam Adani ($155.7 billion),

Bernard Arnault ($155.2),

Jeff Bezos ($149.7 billion),

Bill Gates ($105.3 billion),

Warren Buffett ($96.5 billion),

Mukesh Ambani ($92.6 billion)

Google co-founders Larry Page ($89 billion) and Sergey Brin ($85.4 billion)

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *