ගොවිජන මධ්‍යස්ථානවලින් යූරියා පොහොර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්..

ගොවිජන මධ්‍යස්ථානවලින් යූරියා පොහොර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්..

  • November 20, 2022
  • No Comment
  • 40

මහ කන්නය වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මේ වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

පේමඩුව ගොවිජන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිදූවීම පදනම් කර ගනිමින් මින් ඉදිරියට යුරියා පොහොර ගොවීන්ට නිකුත් කිරීමේ කටයුතුවල දී විශේෂ වැඩ පිළිවෙළක් යොදන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (19) ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව මින් ඉදිරියට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් යුරියා පොහොර මිල දී ගැනීමට පැමිණෙන ගොවීන්ට තමන් මිල දී ගන්නා යුරියා පොහොර මලු නිසි බරින් යුක්තවේද යන්න තහවුරු කර ගැනීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවල දීම පොහොර කිරා බැලීමෙන් අනතුරුව නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය.

මෙම කටයුතු නිසා ගොවිජන මධ්‍යස්ථානවලට යම් අමතර කාලයක් ගත කිරීමට සිදුවුවත් රජයේ පොහොර වැඩ පිළිවෙළ කඩා කප්පල් කිරීමට උත්සාහ දරණ පිරිස් ඇති බව පෙනී යන නිසා එම ස්ථානයේ දීම බර කිරා පොහොර නිකුත් කිරීම සිදු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඒ සඳහා සහතික කළ බර කිරන බිම් තරාදි උපයෝගී කර ගැනීමට පියවර ගන්නා අතර ගොවි ජනතාවගේ අභිමතය පරිදි අවශ්‍ය නම් තමන් මිල දී ගන්නා යුරියා පොහොර මලු කිරා හෝ කිරා බැලීමකින් තොරව මිල දී ගත හැකිය.

මේ අතර නෛතික කටයුතු අවසන් වන තෙක් පේමඩුව පොහොර ගබඩාවට මුද්‍රා තැබීමට ලංකා කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර තිබේ. එම නිසා එම ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට දැනට හැකියාවක් නැති නිසා අමතර යුරියා පොහොර ලොරි කිහිපයක් එම ප්‍රදේශයට යැවීමට ලංකා කොමර්ශල් පොහොර සමාගම විසින් කටයුතු යොදා ඇති බව එම සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

එමෙන්ම පේමඩුව සිදුවීමේ දී රජයේ පොහොර වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් ම ඇතැම් පිරිස් මාධ්‍යයට අදහස් පළ කර ඇති බව පෙනී ගොස් ඇති නිසා එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම සතියේ නීති අංශ සමග ලංකා කොමර්ෂල් පොහොර සමාගම සාකච්ඡා කරන බව ද සභාපතිවරයා සදහන් කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *