ගුරු විදුහල්පතිවරුන් නිමල් සිරිපාලගේ උත්සවයක් වර්ජනය කරයි

ගුරු විදුහල්පතිවරුන් නිමල් සිරිපාලගේ උත්සවයක් වර්ජනය කරයි

  • October 24, 2022
  • No Comment
  • 30

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය, නිමල් සිරිපාල තමන්ට අදාළ නොවන විෂය පථයකට මැදිහත්ව, උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් සිසුන් ඇගයීම යැයි කියමින් විශාල මුදලක් වැය කරමින් දේශපාලන උත්සවයක් සුදානම් කර , කලාපයේ ගුරු- විදුහල්පතිවරුන්ව එම උත්සවයට පැමිණෙන ලෙස බලකරමින් අපහසුතාවයට පත් කිරීමට එරෙහිව විරෝධය දක්වමින් එම උත්සවයට සහභාගි වීම ගුරු විදුහල්පතිවරුන් වර්ජනය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසා ඇත.

මෙම උත්සවය මයියංගනය ජාතික පාසලේ ඔක්තෝබර් 23 වන දින පැවැත්වීමට සංවිධානය කර තිබුණි.

පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට එම අවස්ථාවට සහභාගි වන ලෙස බල කිරීමත් සම්බන්ධව දැඩි විරෝධය පළ කරන බවත් සිසුන් ඇගයීමේ කටයුතු දේශපාලකයින්ගේ සහභාගීත්වයෙන් තොරව සාමාන්‍ය ක්‍රියාවලියක සිදු කරන ලෙසත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනයේ සදහන් කර ඇත.

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුධයට ඍජුව වගකිව යුතු මෙම දේශපාලඥයින් තවදුරටත් මුග්ධ ලෙස සිතමින් තම පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම බරපතල තත්වයක් බවත් නිවේදනයේ සදහන් කර ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *