ගාල්ලේ කන්න නැති පවුල් 25000ක්…  දරුවන් 805ක් දැඩි මන්දපෝෂණයේ…

ගාල්ලේ කන්න නැති පවුල් 25000ක්… දරුවන් 805ක් දැඩි මන්දපෝෂණයේ…

  • November 1, 2022
  • No Comment
  • 32
ගාල්ල දිස්ත්‍රික්කය තුළ  ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහිත  පවුල් 24935 දෙනෙ හඳුනාගෙන ඇති  බවත් එම පවුල් අතර  දැඩි මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් 805 දෙනෙකු සිටින  බවත්  ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ   පවසයි.

ආහාර සුරක්ෂිතතාවය සම්බන්දයෙන්  දැඩි අවධානම් සහිත පවුල්වල ගැබනිමව්වරු  1818 දෙනෙකු සිටින බවද දිස්ත්‍රික්  ලේකම්වරයා පෙන්වාදෙයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ වාර්තා වි ඇති ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් අතුරින් වැඩිම පවුල් සංඛ්‍යාවක් වාර්තා වන්නේ  මාදම්පාගම ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම පවුල් සංඛ්‍යාව 2234 ක් බවද හෙතෙම පවසයි.

අඩුම පවුල් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් වන අතර  එම පවුල් සංඛ්‍යාව 233කි.

ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් සදහා   සෙනෙහස ප්‍රජා සත්කාරය නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.

දැනටමත් ගාල්ල දිස්ත්‍රික්කයේ  ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් 8000ක් සඳහා රාජ්‍යනොවන සංවිධාන හා දානපතියන්ගේ උදව් උපකාර මත   වියලි ආහාර ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදිමට සෙනෙහස වැඩසටහන මගින් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා  මිලියන 56ක මුදලක් වැයකරලා තියෙනවා.   රාජ්‍ය නොවන සංවිධාන 50ක් කැඳවලා   මෙම පවුල් සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපි සාකච්ඡා කළා.

ඉදිරියේ දි එම පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය   ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට ග්‍රාමිය ආර්ථික කමිටුව හරහා කටයුතු කරණවා. මීට අමතර පෙරපාසල් දරුවන්  මන්දපෝෂණයෙන් පෙළෙන පවුල්වල දරුවන් සඳහා  වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *