කෝපා කමිටුව හමුවේ තවත් අනාවරණයක්..!

කෝපා කමිටුව හමුවේ තවත් අනාවරණයක්..!

  • October 22, 2022
  • No Comment
  • 37

ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියද එය නොලැබෙන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවේ අනාවරණය කළේය.

මේ හේතුවෙන් අවශ්‍ය සහල් සංචිත පවත්වා ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දී ඇත.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්යසාධනය පිළිබඳ විගණන වාර්තාව විමර්ශනය සඳහා කෝපා කමිටුව එහි සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වු අතර එහිදී මේ බව අනාවරණය වී තිබේ.

මෙහිදී අනාවරණය වී ඇත්තේ, සාමාන්‍යයෙන් සහල් මෙට්‍රික්ටොන් 100,000ක් පවත්වා ගැනීමට වසරකට රුපියල් බිලියන 22ක් පමණ අවශ්‍ය වන බවය.

මෙට්‍රික්ටොන් 250,000ක් ගබඩා කළ හැකි ගබඩා සංකීර්ණයක් විද්‍යාත්මකව නවීකරණය කළද එහි ධාරිතාවය උපරිමයට සමාන සංචිත ප්‍රමාණයක් ගබඩා කිරීමට මෙතෙක් නොහැකි වූ බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරින් පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ලැබෙමින් පවතින ලෝක ආහාර වැඩසටහනේ ආධාර සහ අනෙකුත් රටවල් වලින් ලැබෙන සහල් ආධාර ගබඩා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව, රට පුරා පවතින රජයේ ආහාර ගබඩා සංකීර්ණ පිළිබඳ නිසි පර්යේෂණයක් සිදුකොට දත්ත එක්රැස් කරන ලෙස සහ ගබඩා වල අයිතිය පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත් වාර්තාවක් මාසයක් තුළ ඉදිරිපත් කරන ලෙසද කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ.

එමෙන්ම, රටතුළ නිශ්චිත සහල් සංචිත පවත්වා ගතයුත්තේ කුමන ආයතනය විසින්ද යන්න පිළිබඳ සොයාබලා නිවැරදි දැනුවත් කිරීමක් සිදුකරන ලෙස ද කමිටු සහාපති කබීර් හෂිම් මන්ත්‍රීවරයා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව සඳහන් වේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *