කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ක්ෂය රෝගය පැතිරෙයි

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ක්ෂය රෝගය පැතිරෙයි

  • November 9, 2022
  • No Comment
  • 42

වතු නිවාසවල ජීවත්වන ජනතාවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිතව ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මෙයට හේතුවී ඇත්තේ එම වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම බව ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

මේවනවිට මෙරට බෝවන රෝගවලින් වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේද ක්ෂය රෝගයෙනි.

මෙම තත්ත්වය මත සතියකට ක්ෂය රෝගය හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු පමණ කොළඹ නගර සභා බලප්‍රදේශයන් තුළ මිය යන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවාය. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ක්ෂය රෝගින් හයදහසක් පමණ වාර්තා වී තිබේ.

සාමාන්‍යයෙන් වර්ෂයකට ක්ෂය රෝගය හේතුවෙන් මෙරට පුද්ගලයන් පන්සීයත් හයසියයත් අතර ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. දිවයිනේ සෑම ප්‍රධාන රෝහලකම ක්ෂය රෝගය සඳහා සායන පැවැත්වෙන අතර එම රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වහාම එම සායනවලට ගොස් ප්‍රතිකාර ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දීමක් කරයි.

වරුණි පෙරමුණ

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *