කොළඹ අධි ආරක්ෂක කලාප පිහිටුවීම – නීතිඥ සංගමයෙන් චෝදනා

කොළඹ අධි ආරක්ෂක කලාප පිහිටුවීම – නීතිඥ සංගමයෙන් චෝදනා

  • September 24, 2022
  • No Comment
  • 44

ස්ථාන ගණනාවක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් ඊයේ (23) ජනාධිපතිවරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් අමාත්‍යවරයාට බලයක් ලබා දී නොමැති බවය.

රාජ්‍ය රහස් පනත යටතේ අධි අරක්ෂක කලාප ප්‍රකාශයට පත් කිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි මහත්වරුන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව අවධාරණය කළේ ය.

එහි දැක්වෙන්නේ, 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ ඇතැම් ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස නම් කිරීම ගැන සිය දැඩි කනස්සල්ල පල කරන බවය.

ජනාධිපතිවරයාගේ එම නියෝගයෙන් අදහස් කරන්නේ, පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අවසරයකින් තොරව එවැනි අධි ආරක්ෂක කලාප තුළ පිහිටි භුමියක වෙරළ හෝ වෙනත් ප්‍රදේශයක මහජන රැස්වීම් හෝ පෙලපාලි සියල්ල තහනම් කිරීම වන බවය.

නිසි බලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ වාහන නැවැත්වීම සඳහා වෙන්කර නොමැති නම් එම කලාපය තුළ වාහන නැවැත්වීම ද තහනම් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක් නැවක් හෝ ගුවන් යානයක් තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ආරක්ෂක අමාත්‍යවරයාට බලතල හිමිවෙයි.

එහෙත් විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම අමාත්‍යවරයාට බලයක් ලබාදී නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ ය.

පනතේ දෙවන වගන්තිය යටතේ නියෝග නිකුත් කිරීමේ පරමාර්ථය වන්නේ, තොරතුරු වඩා හොදින් ආරක්ෂාකිරීම බවත් ආරක්ෂක කටයුතු සඳහා වන සංවිධාන, ආයතන හා උපකරණ සුරක්ෂිත කිරීම බවය.

වෙනත් අරමුණු සඳහා දෙවන වගන්තිය යටතේ නියෝග කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එම නියෝග උල්ලංඝණය කරන පුද්ගලයින් රඳවා තබා ගැනීමේ විධිවිධාන සහිත එම නියෝග මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කරන බවත් එම සියල්ල ශ්‍රී ලංකාවේ ජනතාවට විරුද්ධත්වය දැක්වීමට ඇති අයිතියේ වැදගත් අංගයක් බව නීතිඥ සංගමය අවධාරණය කළේ ය.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප පිහිටුවීමේ විධිවිධාන හොදින් අධ්‍යනය කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *