කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා…

කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා…

  • September 28, 2022
  • No Comment
  • 45

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබිණ. 

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් තුන්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරිර ඇප 02 ක් මත මුදා හැරීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේ ය.

2011 ඔක්තෝම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසීය අසූ හතරයි ශත හතළිස් පහක්  යොදා සිය පෞද්ගලික දුරකතන බිල ගෙවීමට එම සංස්ථාවේ සභාපතිවරයා පෙළබවීම සහ එකී දුරකතන බිල ගෙවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණ.

එම නඩුව ලබන නොවැම්බර් 03 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *