කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට

කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට

  • November 1, 2022
  • No Comment
  • 28

අනුරාධපුර, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී කුපිත වූ පිරිසකගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔහුගේ දේහය මේ වනවිට මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

වන අලියෙකු පහරදීමෙන් ඊයේ (31) පස්වරුවේ එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ ය.

ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන බවට ලද තොරතුරක් අනුව කැබිතිගෝලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට කුපිත වූ ප්‍රදේශවාසින් මුඟුරකින් පහර දී ඇති බවයි.

ඇති වූ තත්ත්වය පාලනයට පොලීසිය අහසට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලීසියට අහසට වෙඩි තැබීමට සිදු කළ බවය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *