ඖෂධ හිඟය නිසා රෝහල් අකර්මන්‍යය වෙයි
- October 24, 2022
- No Comment
- 53
සැත්කම් කිරීමට නොහැකි තත්වයක්
පවතින ඖෂධ හිඟය විශාල බිදවැටීමකට ලක්වෙමින් පවතින බැවින් ඉදිරියේ දී මෙරට සියලු රෝහල් අකර්මන්‍යය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා තිබේ.
මේ වන විට හෘද රෝග සඳහා ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කොළඹ ජාතික රෝහලේ ද දැඩි ඖෂධ හිඟයක් පවතින බව නිර්වින්දන ඖෂධ හිඟතාවයෙන් සැත්කම් කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.