ඕමාන් මිනිස් ජාවාරමේ සැකකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට

ඕමාන් මිනිස් ජාවාරමේ සැකකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට

  • November 20, 2022
  • No Comment
  • 101

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය.

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද  තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *