ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව සූදානම්..

ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව සූදානම්..

  • November 3, 2022
  • No Comment
  • 49

මෙරට දැනට තිබෙන ළාබාලම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී මෙරට පවත්වන ඕනෑම මැතිවරණයට තරග කර ජයගෙන ජනතා අපේක්ෂා දිනවීමට සූදානම් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හයවැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (02 වැනිදා) පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අපේ පාලන කාලයේදී යම් යම් අඩුපාඩු, වැරදි සිදුවූයේ නම් ඒවා නිවැරදි කරගනිමින් රටේ ආර්ථිකයත්, ජන ජීවිතයත් නඟා සිටුවා, අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් ග්‍රාමනිලධාරි කොට්ඨාස ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂය යළි ප්‍රතිසංවිධානය කරනවා” යැයි ද ඒ මහතා කීය.

ඒ අනුව ඉදිරියේ පවත්වන්නේ පළාත් සභා මැතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණයක් ද ජනාධිපතිවරණයක් ද ඒ ඕනෑම මැතිවරණයකට තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව මුහුණදීමට සූදානම් යැයි ද ඒ මහතා පැවසීය.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් තම පක්ෂය ඉදිරි ගමන යන බවත් තම පක්ෂයටත්, අපේ අත්වලත් ලේ ගෑවී නැති බවත් ඒ මහතා කීය. ඒ අනුව පක්ෂය ශක්තිමත්ව ඉදිරි ගමන යන බව ද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *