එළවළු දුම්රියෙන් ප්‍රවාහනයට සැලසුම්

එළවළු දුම්රියෙන් ප්‍රවාහනයට සැලසුම්

  • October 29, 2022
  • No Comment
  • 27

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කර ඇතත්, රටේ වගා කරන ඉඩම් ප්‍රමාණය, වගා අස්වැන්න, ගොවීන් සංඛ්‍යාව ආදී තොරතුරු නිශ්චිතවම ගැනීමට දත්ත ගොනුවක් නොමැති බව අනාවරණය වේ.

මෙරට විවිධ ව්‍යාපෘති ඇරඹීමට ආයෝජකයන් කැමැත්තක් දැක්වුවත් මෙලෙස නිශ්චිත දත්ත පද්ධතියක් නොමැතිවීම නිසා අදාළ ව්‍යාපෘති සඳහා ඉඩම්, පැළ, බීජ සොයා ගැනීම සම්බන්ධව ගැටලු මතුවීමෙන් එම ව්‍යාපෘති ආරම්භ කිරීම ගැටලුවක් වී ඇතැයි පැවසේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල තිබෙන දත්ත විසිරී තිබෙන බැවින් එම දත්ත එක තැනකට ගොනු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික මුතුගල පැවසීය.

මෙරට බහුලව තිබෙන කොස්, පොළොස් සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇතත්, ඒවා වැඩි වශයෙන් එකතු කරගත හැකි ප්‍රදේශ, ගම්මිරිස්, බුලත්, පුවක් ආදිය වගා කෙරෙන ප්‍රදේශ ආදී තොරතුරු ආයතන රැසක විසිරී තිබීම නිසා එම වගාවල ඵලදාව අපනයනය කර ඉහළ ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබේ.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කතාබහට ලක්ව ඇත.

විසිරී ඇති දත්ත එක තැනකට ගෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත බැංකුවක් සකස් කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම ආයෝජකයන්ට ඉඩම් ගැනීමේදී ඇතිවන බාධාවන් කඩිනමින් ඉවත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබේ.

ප්‍රවාහනයේදී එළවළු නාස්තිය අවම කිරීමට දුම්රිය යොදා ගැනීමටද සැලසුම් කර ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *