උතුම් ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි..

උතුම් ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි..

  • November 7, 2022
  • No Comment
  • 33

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ, අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදුවූ තවත් අසිරිමත් සිද්ධියකි.

වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කඨින චීවර පූජා කිරීමේ චීවර මාසය නිමාවන්නේ ද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ය.

එමෙන්ම පසුවස් සමාදන් වූ උපසපන් භික්ෂූන් ඉල් පොහෝ දිනයේදී වස් පවාරණය කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *