ඉන්දියාව සහ ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තිය
- November 5, 2022
- No Comment
- 43
ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති ගෝලීය බල ධුරාවලියේ වෙනස්වන ස්වභාවය ආමන්ත්‍රණය කරයි. තවද ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය තුළ බලය සහ හැකියාවන් පිළිබඳව තවමත් ප්‍රමුඛ කථිකාවකි. විදේශ ප්‍රතිපත්තිය යනු වෙනත් රාජ්‍යයන් සමඟ ඇති සබඳතාවලදී රටකට අත්කර ගැනීමට අවශ්‍ය ඉලක්ක සහ අරමුණු ආවරණය වන විදේශ සබඳතාවල සංඝටකයයි. නව සම්භාව්‍ය යථාර්ථවාදය (Neoclassical realism) ජාත්‍යන්තර සබඳතා සඳහා වැදගත් ප්‍රවේශයකි. නව සම්භාව්‍ය යථාර්ථවාදීන් විදේශ ප්‍රතිපත්ති ක්‍රියාවලිය දෙස බලන්නේ වෙනස් ආකාරයකටය. ජාත්‍යන්තර දේශපාලනයේ කුඩා දූපත් රාජ්‍යයන් වඩ වඩාත් වැදගත් සහ බලගතු ක්‍රියාකාරීන් බවට පත්වෙමින් තිබේ. බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රිකභාවය මගින් ඔවුන්ගේ නියැළීම වැඩි කිරීමට සහ ඔවුන්ගේ හඬ විස්තාරණය කිරීමේදී ඉටු කරන වැදගත් කාර්යභාරය මෙම රාජ්‍යයන් වටහා ගනී. මෙය සාමූහික සහයෝගිතාව මත යැපීම සහ නිර්මාණාත්මක විසඳුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. මෑත වසරවල කුඩා දූපත් රටවල නව විදේශ ප්‍රතිපත්ති ගතිකත්වයන් සඳහා අන්තර් රඳාපැවැත්ම සහ අන්‍යොන්‍ය කණ්ඩායම් සමඟ බැඳීම් කේන්ද්‍රීය වී ඇත. සහයෝගිතාව සහ ඒකාබද්ධතාව මගින් පවතින ගැටලුවලට විසඳුම් සැපයිය හැකි බව කෙනකුට තර්ක කළ හැකිය. ඉන්දියානු සාගර කලාපය සඳහා නව න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කිරීමට දූපත් රටවලට සුවිශේෂී අපේක්ෂාවන් ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින දකුණු ආසියා කලාපයේ කොටසක් වන අතර, මොරිෂස්, සීෂෙල්ස් සහ රියුනියන් අප්‍රිකාවේ සහ ඉන්දියානු සාගර කලාපයේ කොටසකි. විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ කුඩා දූපත් ආශ්‍රිතව ඉන්දියන් සාගර කලාපීය බලවතෙකු ලෙස ඉන්දියාව මතුවෙමින් තිබේ. කුඩා දූපත් රටවල සාගර ප්‍රතිපත්තියේ අනාගතය පිළිබඳ අනාවැකි මත පදනම් සකස් කිරීම තරමක් අභියෝගාත්මක කාර්යයකි. නිතර අසනු ලබන ප්‍රශ්නයක් නම්, “කාර්යක්ෂමව සැලසුම් කළහොත්, ආර්ථික අවශ්‍යතා ඉන්දියානු සාගර දූපත් රටවල් පහේ සන්ධානය ගැඹුරු ඒකාග්‍රතාවයේ ප්‍රදේශයක් කරා ගෙන යනු ඇත්ද? වර්තමාන අභියෝගය වන්නේ මෙය ප්‍රායෝගිකව යෙදිය යුතු ආකාරයයි.
ෂැංග්‍රි-ලා සංවාදය සහ ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තිය
ඉන්දු-පැසිෆික් සංකල්පය, යථාර්ථවාදී දෘෂ්ටිකෝණයකින් බලන විට ප්‍රධාන වශයෙන් සමතුලිත උපාය මාර්ගයක් ලෙස වටහා ගනී. වඩාත් මෑතක දී, ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය සමඟින්, ූම්ා (ඔස්‌ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර සංවාදය) සංකල්පය බොහෝ රටවල් විසින් කාලවකවානු කිහිපයකදී හඳුන්වා දී ඒවා වෙනුවෙන් පෙනී සිටියේය. කුඩා දූපත් රටවල් පහ ඉන්දියන් සාගරයට ඉන්දු-පැසිෆික්හි වැදගත් හවුල්කරුවකු ලෙස එක්සත් ජනපදය සලකයි ‘වොෂින්ටනය සඳහා’ ඉන්දියාව ඉන්දියානු සාගර කලාපයේ සමාන අදහස් ඇති හවුල්කරුවෙක් සහ කලාපීය නායකයා වේ. 2018 ෂැංග්‍රි-ලා සංවාදයේදී ප්‍රකාශ කරන ලද ඉන්දියාවේ ඉන්දු-පැසිෆික් ප්‍රතිපත්තියේ ප්‍රධාන මූලධර්මයක් වූයේ ‘නිදහස්’ විවෘත සහ සියල්ල ඇතුළත් කලාප කොටස් ලෙස සිට ඇත.
ඉන්දියාවේ අසල්වැසි පළමු ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ පළමු ඉන්දීය ප්‍රතිපත්තියසහ ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තිය
ඉන්දියන් සාගර සීමාවේ සමුද්‍ර ආරක්ෂාව වැඩිදියුණු කිරීම දෙරටේම උපායමාර්ගික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සහ ජාතික පරිමාණයෙන් තිරසාර වර්ධනයක් සහ සංවර්ධනයක් ළඟාකර ගැනීම සඳහා ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියානු අර්ධද්වීපයට මායිම්ව පිහිටි ඉන්දියන් සාගර කලාපයේ කුඩා දූපත් පොදු ප්‍රතිපත්ති ඉලක්ක කරා යෑමට සහ ආරක්ෂක අවදානම් අවම කිරීමට, බලවතුන් සමඟ සමුපකාර ආරක්ෂක උපාය මාර්ග සංවර්ධනය කිරීමට ඉන්දියන් සාගර කලාපයේ කුඩා දූපත් උත්සාහයන් දරයි. වෙළෙඳ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සමුද්‍රීය ආරක්ෂාව ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සබඳතාවයේ ප්‍රධාන අවධානය වේ. කලාපීය දෘෂ්ටිකෝණයකින් බලන විට, කුඩා දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව සිය උපායමාර්ගික අවශ්‍යතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඉන්දියාව අවශ්‍ය වේ. කලාපයේ විශාලතම රට වන ඉන්දියාව, ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික සහ වෙළෙඳ සහයෝගිතාව වැදගත්කම සැලකිල්ලට ගනිමින් අසල්වැසි පළමු ප්‍රතිපත්තිය (Neighbourhood First Policy) සහ සාගර් මූලධර්මය ‘(කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය) ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත්කමක් දරයි. ඉන්දියාවේ පළමු ආරක්ෂක ප්‍රතිපත්තිය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සමුද්‍ර හවුල්කාරීත්වය ද ඉහළ නංවා ඇත. ‘ඉන්දියාව පළමුව’ (India first) ආරක්ෂක ප්‍රතිපත්තිය ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතා ඉදිරියට ගෙන යෑමට කැපවී සිටී.
මාලදිවයින ඉන්දියන් සහයෝගිතාව
කුඩා දූපත් රටවල විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඇමෙරිකාව සහ ඉන්දියාව ඉතා වැදගත් රටවල් වේ. ඉන්දියානු උපායමාර්ගික කක්ෂයේ සීමාවන් තුළ හොඳින් පිහිටා ඇති මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගෙනහිර සහ බටහිර බෙදන වැදගත් ආරක්ෂක කලාපයකි. මාලදිවයින් දූපත්වලට ඉන්දියානු සාගරයේ ඔවුන්ගේ දේශසීමා දෙපස උපායමාර්ගික ආරක්ෂක ස්ථාන ඇති අතර ඒවා හරහා තෙල් නැව් දිනපතා ගමන් කරයි. ලක්ෂද්වීප් දූපත් නිසා ඉන්දියාවට සුවිශේෂී ආර්ථික කලාපයේ වර්ග කිලෝමීටර් 400,000 කට ආසන්න ප්‍රදේශයක් සතුයි. ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය මාලදිවයිනට අතිවිශාල ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාර කර ඇත. ඉන්දියාව ද මාලදිවයින සමඟ සිය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කර ඇත. මීට අමතරව එක්සත් ජනපදය පවා ඩියේගෝ ගාර්ෂියාහි පිහිටි ඔවුන්ගේ නාවික කඳවුර හරහා ඉන්දියානු සාගරයේ මෙම කුඩා දූපත්වල ආරක්ෂාව සඳහා සෘජුවම සම්බන්ධ වේ. වර්ග කිලෝමීටර් 35 ක කඳවුරේ සිටින එක්සත් ජනපද ආරක්ෂක භටයන් 30,000 ක් පමණ ඉන්දු පැසිෆික් කලාපයට ආරක්ෂාව සපයයි.
ඉන්දියානු සාගර කලාපයේ පිහිටා ඇති සීෂෙල්ස් සහ මොරිෂස්
බටහිර ඉන්දීය සාගරයේ පිහිටා ඇති සීෂෙල්ස් සහ මොරිෂස් වැනි කුඩා දූපත් රාජ්‍යයන් ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් වේ. ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා සීෂෙල්ස් සහ මොරිෂස් දිගු කලක් තිස්සේ ඉන්දියන් සාගරය ‘සාම කලාපයක්’ විය යුතුය යන මතය පිළිගෙන ඇත. ඉන්දියාවේ සිට අප්‍රිකාව දක්වා සාගරය හරහා විහිදෙන මෙම දූපත් දෙක ඉන්දියාවට ඉතා තීරණාත්මක උපායමාර්ගික
දූපත් වේ. ඉන්දියාවේ පුළුල් සැලසුමේ කොටසක් වන්නේ මොරිෂස් සහ සීෂෙල්ස් හි ආරක්ෂක කක්ෂය ස්ථාපිත කිරීමට දරන උත්සාහයයි. ඉන්දියාව සමඟ ප්‍රංශයේ දශක ගණනාවක හවුල්කාරීත්වය ප්‍රංශයේ රියුනියන්හි සැලකිය යුතු ආරක්ෂක හවුල්කාරීත්වයකින් ආරම්භ වීමට නියමිතය.
ඉන්දියන් සාගරයේ දූපත් සඳහා උපාය මාර්ගයක්
කුඩා දූපත් රටවල ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය සඳහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය උපයෝගී කර ගැනීම පිළිබඳ නව චින්තනයක් මෑත වසරවලදී වර්ධනය වී ඇත. ප්‍රමුඛ බලවතුන් වන එක්සත් ජනපදය, ඉන්දියාව සහ ප්‍රංශය, මොරිෂස්, සීෂෙල්ස්, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ රියුනියන් යන ඉන්දියන් සාගර දූපත් පහ සමඟ ඇති යහපත් සබඳතා ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතා සබඳතාව වැඩිදියුණු කිරීමට හේතු විය හැක.
කර්තෘ ගැන:
ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඔහු කීර්තිමත් ධගඡග ජින්ඩල් ආචාර්ය උපාධිය සහ SAU ශිෂ්‍යත්වය දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (SAARC) යටතේ ලබා ඇත. කථිකාචාර්යවරයකු ලෙස, ඔහු සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් සංසන්දනාත්මක දේශපාලනය කරුණු කෙරෙහි අවධානය යොමු කරයි. ආචාර්ය ප්‍රනාන්දු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රීය විශේෂඥයකු වන අතර නව කලාපීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ උපදේශකයෙකි.
ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු විසිනි